ඔබට පෙර මම (9වන සහ 10වන පරිච්ඡේද)

ඔබට පෙර මම (9වන සහ 10වන පරිච්ඡේද)

මෙතක් කතාව – click 

9වන පරිච්ජේදය

” හොදයි, ඔහුට අධි රුධිර පීඩනය සදහා ලබා දෙන ඖෂධ දෙකක් තිබෙනවා. මෙය ඔහු නිදන වෙලාවට රුධිර පීඩනය අඩු කිරීමට, අනෙක් එක ඔහු අවදිවන විට එය වැඩි කිරීමට. මේවා ඔබට අවශ්‍ය වෙන්නේ ඔහුගේ මාංෂපේශි වල ඇතිවන ගැස්ම නැවතීමට. එයින් එකක් ඔබ ඔහුට උදැසන පසු වූ විට ලබා දිය යුතුයි. අනෙක හවස් කාලයේදී ලබා දිය යුතුයි. ඒවා තමයි කුඩාම පෙති ඒ නිසා ඔහුට ඒවා ගිලීමට අපහසුවක් නැහැ. මේවා මුත්‍රාශය සදහා ලබා දෙන ඖෂධ. ඒ වගේම මෙතන තිබෙන ඒවා ඇසිඩ් සදහා ලබා දෙන ඒවා. සමහර අවස්තාවලදී ඔහුට අහාර ගැනීමෙන් පසුව මේවා උවමනා වෙනවා. මේ සියල්ල ඔහුට උදැසන ලබා දිය යුතු ඖෂධ. ඒ වගේම මේ නාසයට ඉසින දියර. නමුත් බොහෝවිට මා පිටවීමට පෙර මේ සෑම දෙයක්ම මා විසින් සිදු කරනවා. ඒ නිසා ඔබ බිය විය යුතු නැහැ. ඔහු වේදනාවෙන් සිටිනවා නම් පැරසිටමෝල් ලබා දිය හැකියි. ඒ වගේම අවශ්‍ය නම් නිදි පෙති ලබා දිය හැකියි. නමුත් එයින් ඔහුට දිවා කාලයේ වෙහෙසකර බව වැඩි වෙනවා, ඒ නිසා අපි පුළුවන් තරම් එම ඖෂධ සීමා කළ යුතුයි.”

” මේවා…” ඔහු තවත් බෝතලයක් රැගෙන පෙන්වීය. ” මේ ප්‍රතිජිවක ඔහුගේ ශරිරයට සම්භන්ද කර ඇති බටය සති දෙකකට වරක් මාරු කරන විට ලබා දිය යුතුයි. මම මේ දෙවල් සිදු කරනවා හදිසි අවස්තාවක පමණක් මා නැති නම් ඔබ මෙවා දැන සිටිය යුතුයි.මේ තිබෙන්නේ රබර් අත්වැසුම්, ඔහුව පිරිසිදු කිරිමට අවශ්‍ය වුවහොත් ඔබට එවා භාවිතා කල හැකියි. නමුත් අප ජල මෙට්ටය ගෙන ආ දින පටන් ඔහු ඉතා හොදින් සිටිනවා. ”

මා නැගී සිටියේය. ඔහු සාක්කුවට අත යවා යතුරක් ගෙන එය මා අත තැබීය. “මේ අතිරේක යතුර.” ඔහු පැවසීය. “වෙන කාටවත් මෙය ලබා දෙන්න එපා, අඩුම ගානේ විල්ට වත්. හරිද? එය ඔබේ ජීවිතය මෙන් ආරක්ෂා කරන්න.”

“මතක තබා ගන්න බොහෝ දේවල් තිබෙනවා.” මා මිමිණුවේය.

“ඒ සෑම දෙයක්ම ලියා තිබෙන්නේ. අදට ඔබ මතක තබා ගත යුත්තේ මේ තියන ඔහුගේ විෂබීජ නාශක ඖෂධ පිලිබදව පමණයි. ඔබට මට කතා කිරීමට අවශ්‍ය වුවහොත් මගේ දුරකථන අංකයට ගන්න. මෙහි නැති වෙලාවට මම මගේ ඉගෙනීම් කටයුතු වල යෙදෙනවා. එම නිසා නිතරම දුරකථනයට පිළිතුරු දීමට නොහැකි වේවි. නමුත් ඔබට මෙහි වැඩ හුරුවන තෙක් මා කෙලස හෝ ඒවාට පිළිතුරු ලබා දීමට උත්සහ කරන්නම්.”

මම මා ඉදිරිපිට තබා තිබු ලිපිගොනුව දෙස බැලීය. මට හැගී ගියේ මා කිසිලෙසකින්වත් සුදානම් නොවූ පරික්ෂණයකට මා ඉදිරිපත් වී ඇති බවකි. ” මොකද වෙන්නේ… ඔහුට යාමට අවශ්‍ය වුවහොත්…. වැසිකි….” මා අත් ඔසවා පෙන්වීය. ” මට හිතෙන්නේ නැහැ, ඔබ දන්නවා නේ…. මට ඔහුව ඉස්සීමට හැකි වේවි කියා….” මම ඒ අවස්ථාවේ කම්පනයට පත්ව සිටීම මුහුණෙන් නොපෙන්වා සිටීමට උත්සහ කළේය.

නාතන් හිස සැලීය. ” ඔබ ඒ කිසිවක් කිරීමට අවශ්‍ය නැහැ, ඔහුගේ කැතීටරය* ඒ ගැන බලා ගනීවි. මම දිවා කෑම වෙලාවට ඒ සියල්ල මාරු කිරීමට පැමිණෙනවා. ඔබ මෙහි සිටින්නේ ඔහුගේ භෞතික රාජකාරි සදහා නොවෙයි.”

” එසේ නම් මා කුමක් සදහාද මෙහි පැමිණියේ.”

නාතන් මා දෙස බැලීමට ප්‍රථම ශාලාව දෙස බැලීය. ” ඔහුව මදක් උද්‍යෝගිමත් කිරීමට උත්සහ කරන්න, ඔහු… ඔහු මදක් විකාරරූපියි. තේරුම් ගැනීමට උත්සහ කරන්න… ඒ කුමක් නමුත් මෙහි අවසානයේ ඔබ මීට වඩා ඉතා තද පුද්ගලයෙකු වේවි. අද උදැසන වූ සිදුවීම එහි මුලීක පියවරක් පමණයි.”

” එහෙනම් එයද මගේ වැටුප මේ තරම් සතුටුදායක වීමට හේතුව ?”

අනිවාර්‍යයෙන්ම ඔව්, කිසිම දෙයක් නැහැ නිදහසේ ගන්න දිවා ආහාරයක් වගේ.නැද්ද ?” යැයි පවසමින් නාතන් මගේ උරහිසට තට්ටු කළේය. එයින් මගේ සිරුර දෙදරුම්කන්නට විය. “අහ්හ්… ඔහු හොදින් සිටිනවා, දැන් ඔහු සමග ප්‍රවේශමෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය නැහැ.” ඔහු අනුමාන කළේය. “මම ඔහුට කැමතියි.”

ඔහු එය පැවසුවේ ඔහුට කැමති එකම පුද්ගලයා ඔහු ලෙසය. මා ඔහු පිටුපසින් විසිත්ත කාමරය වෙත ගියේය. විල් ට්‍රයිනොර්ගේ පුටුව ජනේලයක් අසළට ගොස් තිබුණේය. අපට පිටුපස හරවා සිටි ඔහු රේඩියෝවට සවන් දෙමින් සිටියේය.

” මේ මම විල්, ඔබට කිසිවක් අවශ්‍යද මා පිටවීමට පෙර? ”

” නැහැ, ස්තුතියි නාතන්.”

” මම ඔබව ක්ලාක් මෙනවියගේ සුරක්ෂිත දෑත්ට පත් කර යන්නම්. එසේනම් අපි නැවත දිවා ආහාර වෙලාවට මුණ ගැසෙමු මිත්‍රයා.”

තැතිගත් ස්වරුපයක් සහිතව මිත්‍රශීලි උදවුකරුවා ඉතා ඉක්මනින් තම කබාය ඇදගන්නා අයුරු මා බලා සිටියේය.

” එසේනම් ඔබ දෙදෙනා විනෝද වෙන්න.” මා දෙස බලා ඇසක් ඉගි මැරූ නාතන් පිටව ගියේය.

ආරක්ෂාකාරී හැගීමක් දැනෙනු වස් මම මගේ දෑත් කලිසම් සාක්කු තුළ ඔබා ගත්තේය. අවසානයේ කරන්නේ කුමක් දැයි විශ්වාසයක් නොමැතිව මා කාමරය මැද හිටගෙන සිටියේය. විල් ට්‍රයිනොර් නැවතත් ජනේලයෙන් ඉවත බලන්නට වුයේ මා එහි නොසිටියාක් මෙනි.

” ඔබ කැමතිද මම ඔබට තේකක් සදා දෙනවාට? ” දැරිය නොහැකි වූ දැඩි නිශ්ශබ්දතාවය බිදිමින් මා පැවසීය.

” ආහ්හ්… ඔව්, ජිවත් වෙන්න තේ හදන කෙල්ල. මම පුදුම වුණා, කොයිතරම් කාලයක් ගත වේවිද කියා ඔබට හැකියාවන් පෙන්වීමට. එපා… එපා… ස්තුතියි.”

” එසේනම් කෝපි? ”

” උණුසුම් පානයන් මට එපා. දැනට, ක්ලාක් මෙනවිය.”

” ඔබට පුළුවන් මට ලූ කියා ඇමැතීමට.”

” එකෙන් උදවුවක් වෙනවාද? ”

මා ඇසිපිය ගැසීය. මගේ මුව සැකෙවින් විවෘත විය. මා එය වසා ගත්තේය. එයින් මා සිටිනවාටත් වඩා වැඩියෙන් මෝඩ ලෙස පෙනෙන බව මගේ පියා නිතර පවසයි. ” හොදයි… ඔබට වෙනත් මොනවා හෝ අවශ්‍යද? ”

මා දෙසට හැරුණු ඔහු මා දෙස විපරමින් බැලීය. ඔහුගේ මුහුණ සති ගණනකින් නොකැපු රැවුලකින් වැසි තිබුණේය. ඔහුගේ ඇස් කියවීම අපහසු විය. ඔහු නැවත ආපසු හැරුණේය.

” එසේ නම් මම…” මා කාමරය පිරික්සා බැලිය. ” එසේ නම් මම සේදීමට යමක් තිබේද බලන්නම්.”

මා කාමරයෙන් ඉවතට ඇවිද ආවේය. මගේ හදවත යමකට වැරෙන් තඩිබාන්නාක් වැනි ශබ්ධයකින් ගැහෙන්නට විය. මුළුතැන්ගෙය වෙත ගිය මා ජංගම දුරකථනය රැගෙන මගේ සහෝදරිය වෙත කෙටි පණිවුඩයක් යැවිය.

‘ මෙය භයානකයි, ඔහු මට වෛර කරනවා. ‘

තත්පරයක් ගත වීමටත් පෙර ඇගෙන් පිළිතුරු කෙටි පනිවිඩයක් ලැබුණේය.

‘ ඔබ තවමත් එහි ගොස් පැයක් පමණයි ගත වුයේ. ‘

‘ ඔබට කිසිවක් කරගැනීමට බැහැ ‘

‘ අපට ඇති මුදල් අපහසුතා ගැන සිතන්න, ඔවුන්ගේ සිත් දිනා ගැනීමට කටයුතු කිරීමට බලන්න ‘

‘ ඒ වගේම පැය ගානට ගෙවන මුදල ගැන සිතන්න. ‘

ජංගම දුරකථනයට පහරක් ගැසූ මම එය විසන්ධි කළේය. මම මගේ කම්බුල් පිරිමැදීය. ඉන්පසු නාන කාමරයේ වූ කිළිටි ඇදුම් දමන බේසමේ සේදීමට යමක් ඇත් දැයි පිරික්සීමට ගියේය. එහි වූ විශාල සෝදන රෙදි කන්ද රෙදි සෝදන යන්ත්‍රයට එබූ මා එහි වූ උපදෙස් කියවන්නට විය. කිසිවක් වැරදීමෙන් නැවතත් මා මෝඩයකු ලෙස විල්ට හෝ ට්‍රයිනොර් මහත්මියට පෙනෙනු දැකීමට මා අකමැති විය. රෙදි සෝදන යන්ත්‍රය ක්‍රියාත්මක කළ මා ඒ අසලින් සිට ගත්තේය. ඉන්පසු මට කිරීමට නියමිත දේවල් මොනවා දැයි මා සිතීය. ශාලාවේ වූ කබඩයෙන් වැකුම් යන්ත්‍රය එලියට ගත් මා එයින් කොරිඩෝවේ ඉහළ සිට පහළට දුහුවිලි වැකුම් කළේය. ඉන් අනතුරුව එහි වූ නිදන කාමර දෙකක්ද පිරිසිදු කළේය. මගේ දෙමවුපියන්ට මා මෙලෙස වැඩ කරනු දක්නට ලැබුණේ නම් ඔවුන් ඒවා අනුස්මරණය සදහා චායාරූප ගත කොට තබා ගන්නා බව ඒ අවස්ථාවේ මට සිතිණි. එහි වූ අතිරේක නාන කාමරය හිස් විය. එය සැබවින්ම හෝටල් කාමරයක් බදු විය. නාතන් නිතරම මෙහි නවතින්නේ නැති බව එයින් මට වැටහිණි. නමුත් ඒ සදහා ඔහුට දොස් කියන්නේ කෙසේද…

සියල්ල අවසානයේ විල් ට්‍රයිනොරගේ නිදන කාමරය අසළට වී මා එයට ඇතුල් වෙනවාද නැද්ද යන අවිනිශ්චිත සිතුවිල්ලෙන් පසුවිය. ඉන්පසු එයද මෙහි වූ අනෙක් තැන් මෙන්ම වැකුම් විය යුතු ස්ථානයක් බව සිතා ගත් මා කාමරය ඇතුල් විය.

එහි එක් පසෙක රාමු කරන ලද පින්තූර සහිත විදුරු රාක්කයක් විය. මා ඇද වටා වැකුම් කළේය. ඉන්පසු රාක්කයේ වූ පින්තුර දෙස මද වෙලාවක් බලා සිටියේය. කඔයක් අධාරයෙන් එල්ලී කන්දකින් පහළට පනින මිනිසෙක් එහි විය. ඔහුගේ දෑත් ජේසුස් වහන්සේගේ පිළිමයක මෙන් දෙපසට සෘජුව විහිදී තිබුණේය. තවත් කැලයක ගත් චායාරූපයක වූ මිනිසාගේ පෙනුම විල්ගේ පෙනුමට සමාන විය. අනෙක් චායාරූපයක ඔහු බීමත් මිතුරන් පිරිසක් සමග ගත් සමුහ චායාරූපක් විය. එහි වූ මිනිසුන් ටයි පටි බැද සිටි අතර කබා පැළද සිටි ඔවුන්ගේ අත් එකිනෙකාගේ උරහිස් මත විය.

නැවතත් ඔහු හිම ක්‍රීඩාවේ යෙදෙන චායාරූපයක්. අදුරු පැහැති කණ්නාඩි පැළද සිටි රන්වන් පැහැති දිගු හිසකෙස් ඇති යුවතියක් ඔහුගේ පසෙකින් විය. වඩා හොදින් එය නිරක්ෂය කිරීම සදහා මා ඉදිරියට නැමුණේය. ඒ චායාරූපයේ ඔහු හොදින් රැවුල බා සිටියේය. ඔහුගේ මුහුණ ඉතා දීප්තිමත් විය. පොහොසත් මිනිසුන් වසරකට තුන්වරක් නිවාඩුවකට යන බව ඒ දීප්තිමත් පෙනුම්න් දිස් විය. ඔහුගේ පළල් උරහිස් ඉතා ශක්තිමත් විය. එය ඔහු ඇද සිටි හිම කබායෙන් එළියටද දිස් විය. චායාරූපය ඉතා සුපරික්ෂාකාරීව මේසය මතින් තැබූ මා නැවත ඇද පිටුපස වැකුම් කිරීම ආරම්භ කළේය. අවසානයේ මා වැකුම් යන්ත්‍රය වසා දැමුවේය. ඉන්පසු එය විදුලි පෙණුවෙන් ගැලවීම සදහා පහතට නැමෙන විට ඇස් කොණෙන් මා යමක් සෙලවෙනු දුටුවේය. තිගැස්මට මට කෑ ගැසුණේය. විල් ට්‍රයිනොර් දොරටුව අසළට වී මා දෙස බලා සිටියේය.

” කර්චෙවිල්*1, අවුරුදු දෙකහාමාරකට පෙර.”

ලැජ්ජාවෙන් මගේ කම්බුල් රතු පැහැ විය. ” මට සමාවෙන්න, මම නිකම්…”

” ඔබ නිකම් මගේ චායාරුප දිහා බැලුවා. ඔබට පුදුමයි නේද ඒ වැනි ජිවිතයක් ගත කර මේ ලෙසඅබ්බගාත වීම කොතරම් අවාසනාවන්තද කියා.”

” නැහැ.” මා පත් වූ ලැජ්ජාව වසන් කරමින් පැවසීය.

” ඔබට නැවත පුදුම වීමට අවශ්‍ය නම්, යටම රාක්කයේ තිබෙන්නෙත් මගේ චායාරුප .” යැයි පැවසු ඔහු රෝද පුටුව දකුණට හරවා නොපෙනී ගියේය.

___________________________________________

* කැතීටරය – ශරීරයේ දියර(අපද්‍රව්‍ය) අදින බටය.
*1 කර්චෙවිල් – ඇල්ප්ස් කදුවැටියේ ප්‍රංශයට අයත් බැවුම.(හිම ක්‍රීඩා සදහා ප්‍රසිද්ධය.)

වසර ගණනාවක් සිට හරි තීරණයක් ගැනීමට නොහැකිව උදැසන මැසිවිලි නගමින් අවදි වීම මට පුරුද්දක් විය. අවසානවතාවට මිනිත්තු පැය ගණන් කෙළවරක් නොමැතිව ගෙවී ගිය ආකාරය මට අමතක වී ඇත. හැකි උපරිමයෙන් මා රැකියාවක් සොයා ගැනීම සදහා වෙහෙසුණේය. මා බියගුළු බව දැනත් ඒ බව නොදන්නා සේ මා ඉදහිට විසිත්ත කාමරයට ගියේය.

නාතන් පැවසු පරිදි මම උදැසන එකොළහට පමණ විල් ට්‍රයිනොර්ට හට ඔහුගේ ගැස්ම සදහා වූ ඖෂධ හා වතුර බීකරයක් රැගෙන ගියේය. නාතන් පැවසු පරිදි ඔහුගේ දිව මත ඖෂධ තැබූ මා ජලය සහිත බිකරය ඔහු අතට පත් කළේය. එහි වූ අඩුව නැති නම් එය තෝමස් භාවිතා කලා වැනි සුදු පැහැති විනිවිද නොපෙනෙන ප්ලාස්ටික් බදුනක් විය. ඔහු එය ආයාසයෙන් ගිල දැමුවේය. ඉන්පසු මට එතැනින් පිටවන ලෙස සන් කළේය.

සැබවින්ම දුහුවිලි පිසීමක් අවශ්‍ය නොවූ රාක්ක කිහිපය දුහුවිලි මා විසින් පිස දැමුවේය. ඉන්පසු කල්පනා කරමින් ජනෙල කිහිපයක් පිරිසිදු කළේය. ඔහු සිටි විසිත්ත කාමරයේ වූ රූපවාහිනියෙන් ආ මද ශබ්ධය ඇරුණු කොට උපගෘහය ඉතා නිශ්ශබ්ද විය. මුළුතැන්ගෙයි වූ සංගීත තැටිය වාදනය කිරීමට තරම් ධෛර්යයක් මා සතුව නොවීය. මගේ සංගීත රසාස්වාදය පිළිබද ඔහු කීමට සදන කුමක් හෝ දෙයක් ඇතැයි යන හැගීම මා සතු විය.

එළිමහනේ වූ ශිතල ද රැගෙන දහවල් දොළහයි තිහ වන විට නාතන් පැමිණියේය. ඇහිබැම ඉහළට එසවූ ඔහු ” හැමදේම හොදින්ද?” ඇසීය.

මා කෙනෙකු දැකීමෙන් ඉතාම කලාතුරකින් සතුටු වන පුද්ගලයෙක් විය. ” ප්‍රශ්නයක් නැහැ.”

” නියමයි, ඔබට දැන් පැය භාගයක් ලබා ගත හැකියි. මේ වෙලාවේ මටයි ටි මහත්මයාටයි කිරීමට වැඩ තිබෙනවා.”

මා දිව ගොස් කබාය අතට ගත්තේය. ඇත්තෙන්ම දිවා අහාරයට එළියට යාමට සැලසුමක් මා තුළ නොවීය. නමුත් මේ නිවසෙන් පිටවීමට අවස්තාව ලද සතුටෙන් මා සිහි මුර්ජා වීමට ආසන්න වුයේය. මා කබායේ කොළරය උස් කර සාදා ගත්තේය, අත් බැගය ගෙන එය උරහිසේ එල්ලා ගත්තේය. ඉන්පසු මා යා යුතු ස්ථිර ස්ථානයක් තිබෙන්නාක් මෙන් කඩිසරව මාර්ගයට පිවිසියේය. නමුත් ඇත්තෙන්ම මා පැය භාගය පුරාවටම මගේ බෙල්ල වටේ විසි වතාවක් පමණ ඔතා තිබු සළුවට උණුසුම් සුසුම් පිට කරමින් විදී දිගේ වටපිටාව නරඔමින් ඇවිද ගියා පමණි.

නගරයේ මේ කෙළවරේ එකදු අවන්හලක් හෝ නොවිය. බටර් බන් අවන්හල වසා දැමීමත් සමගම මාළිගය හුදෙකලා වී ඇත. ආහාර ගැනීමට ලගම පිහිටි ස්ථානය එයින් තේකක් වත් මිලදී ගැනීමට මා සතුව වත්කමක් තිබේ දැයි සැක සහිත වූ ගැස්ට්රොපබ්* එකය. මා හට තනිව දිවා ආහාරයක් අවශ්‍ය විය. රථ වාහන නැවතුමේ වූ සියලු වාහන විශාල වූ අතර නවීන අංක තහඩු වලින් සමන්විත වටිනා ඒවා විය.

ග්‍රන්ටා නිවස පෙනෙන මානයක නොවන බව තහවුරු කරගත් මා මාලිගයේ රථ වාහන නැවතුමේ සිට මගේ සොයුරියගේ අංකයට ඇමතුමක් ලබා ගත්තේය.

” කොහොමද ”

” ඔබ දන්නවා නේ, මට වැඩ වෙලාවේදී දුරකථනයට පිළිතුරු දීමට බැහැ. ඔබ එතැනින් පැන ගියාද? නැහැ නේද?”

” නැහැ, මට අවශ්‍ය වුණේ කාගේ හෝ මිත්‍රශීලි හඩක් ඇසීමට.”

” ඔහු ඒ තරම්ම නරකද?”

” ට්‍රිනා, ඔහු මට වෛර කරනවා. ඔහු මා දෙස බලන්නේ පුසෙකු ඇදන් ආ කුණක් ලෙසට. ඒ වගේම ඔහු තේ පානය කරන්නේ නැහැ. මා ඔහුගෙන් සැගවී සිටින්නේ.”

” මට විශ්වාස කරන්නත් බැහැ මම මෙය අසා සිටිනවා කියා.”

” මොකක්ද? ”

” අඩන්නේ නැතිව ගිහින් ඔහුට කතා කරන්න. අනිවාර්යෙන්ම ඔහු මුසල ඇති, මොකද ඔහු අවලන් රෝදපුටුවක සිර වී විටින නිසා. ඒ වගේම ඔබ ඔහුට කිසිම වැඩකට නැති කෙනෙක් වෙනවා ඇති. ඔහුට කතා කරන්න. ඔහුව හදුනාගන්න. මොකක්ද වෙන්න පුළුවන් නරකම දේ?”

” මම දන්නේ නැහැ… මම දන්නේ නැහැ මට එය කළ හැකිද කියා.”

” මම අම්මාට කියන්නේ නැහැ ඔබ දවසේ බාගයක් ගත කර ඔබේ රැකියාව නැති කර ගත බව. ඔබට මෙය කළ නොහැකි නම් ඔවුන් ඔබට කිසිම අවස්ථාවක් දෙන එකක් නැහැ ලු. අපට ඔබට වියදම් කළ නොහැකියි ඔබ සැම විටම මෙලෙස කරනවා නම්.”

ඇය නිවැරදියි. මා මගේ සොහොයුරියට වෛර කරන බව මට වැටහිණි.

එහි කෙටි නිහඩතාවක් විය. ට්‍රිනාගේ හඩ අසාමාන්‍ය ලෙස සංසුන් විය. එය සැබවින්ම වැරදි විය. එහි අරුත මට ලැබී තිබෙන්නේ ලෝකයේ තිබෙන නරකම රැකියාව බව ඇය දැන සිටින බවයි.

” බලන්න.” ඇය කිවේය.

” එය මාස හයක් පමණයි, ඒ මාස හය පමණක් එය කරන්න. ඔබේ අයැදුම් පත්‍රයටත් එයින් දෙයක් එක් කරගෙන ඔබ කැමති ආකාරයේ රැකියාවකට යන්න එය අවස්ථාවක් වේවි. හරි…. මේ විදිහට බලන්න, අඩුම ගානේ එය කුකුළු කර්මාන්තශාලාවේ රාත්‍රී වැඩමුරය වගේ නැහැ. නේද?”

” කුකුළු කර්මාන්තශාලාවේ සේවය ඇත්තටම නිවාඩුවක් වගෙයි මේ සමග සසදා….”

” මම දැන් යනවා ලු, පසුව මුණගැසෙමු.”

__________________________________________

” ඔබ කැමතිද සවස් වරුවේ කොහේ හෝ යෑමට? ඔබ කැමති නම් අපට පුළුවන් එක්ක යන්න.”

නාතන් පිටව ගොස් මේ වන විටත් පැයකට ආසන්න කාලයක් ගතවී තිබුණේය. මා තේ කෝප්ප සෝදමින් හැකිතාක් සන්සුන්ව සිටීමට උත්සහ කළේය. මේ නිශ්ශබ්ද නිවසේ තවත් පැයක් ගත කළ හොත් මගේ හිස පුපුරා යාවි යැයි මට සිතිණි.

ඔහු මා දෙසට හිස හැරවීය. ” ඔබ මොනවද සිතන්නේ?”

” මම දන්නේ නැහැ. රට තුළ ගමනක්ද?” ට්‍රිනා ලෙස හැසිරීමට උත්සහ කරන විට මා මෙලෙස කරන්නේය. ඇය සම්පුර්ණයෙන්ම සන්සුන් හා දක්ෂ පුද්ගලයෙක් විය. එහි ප්‍රතිපලයක් ලෙස කිසිවෙකුත් ඇය හා ගැටලු ඇති කරගත්තේ නැත. ශබ්ධ නගා මා මටම පැවසීය, වෘත්තීමය හා ශුභවාදී වෙන්න.

” රට ” ඒ ගැන කල්පනා කරන්නක් මෙන් ඔහු පැවසීය. ” අපට මොනවා දක්කනට ලැබෙයිද? ගස්? නැතිනම් අහස?”

” මම දන්නේ නැහැ, ඔබ සාමාන්‍යයෙන් කරන්නේ මොනවාද?”

” මම කිසිවක් කරන්නේ නැහැ ක්ලාක් මෙනවිය. මට තව දුරටත් කිසිවක් කිරීමට හැකියාවක් නැහැ. මා හිදගෙන සිටිනවා, මා නිකන්ම එක තැන සිටිනවා.”

” හොදයි.” මම පැවසීය. ” මට පැවසුවේ ඔබට මෝටර් රථයක් තිබෙන බවයි රෝදපුටුව සම්බන්ධ කළ හැකි.”

” ඉතින් ඔබ වද වෙන්නේ එය දිනපතා භාවිතා නොකලොත් එය ක්‍රියා කිරීම නවති කියාද?”

” නැහැ. නමුත් මම….”

” ඔබ කියන්නේ මා එළියට යා යුතු බවද?”

” මා සිතන්නේ…”

” ඔබ සිතුවා නැවුම් වාතය හුස්ම ගැනීමට එළියට යෑම මට හොද බව.”

” මම උත්සහ කළේ…”

” ක්ලාක් මෙනවිය, ස්ට්‍රෝට්ෆෝල්ඩ් රට වටා ඇවිද්දත් මගේ ජිවිතයේ විශේෂ වෙනසක් සිදුවන්නේ නැහැ.” ඔහු අනෙක් පසට හැරුණේය.

ඔහුගේ හිස උරහිස් මත කඩා වැටුණේය. මා පුදුම වුයේ එය ඔහුට පහසුද යන්නයි. නමුත් එය ඇසීමට අවස්තාව නොවිය. අප නිශ්ශබ්දව හිද සිටියේය.

” ඔබට ඔබේ පරිඝණකය ගෙනැවිත් දෙන්නද?”

” ඇයි, ඔබ සිතනවද මට අබාධිතයන් සදහාම වූ සමුහයකට සම්භන්ධ වීම හොදයි කියා. දිනන රෝදපුටු සංගමය හෝ රෝදපුටු ජීවිතය වැනි සංගමයකට?”

මා ගැබුරින් හුස්මක් ගත්තේය. මගේ හඩ පැහැදිලි කරගැනීමට උත්සහ කළේය. ” හරි…. හොදයි…. පෙනෙන විදිහට නම් අප දෙදෙනාම දෙදෙනාගේ නෝක්කාඩු කියමින් කාලය ගත කරයි වගේ. සමහරවිට එයින් අපට එකිනෙකා හදුනා ගැනීමට හැකිවේවි.”

ඔහුගේ මුහුණේ වූ පෙනුමෙන් මා අධෛර්යමත් විය. ඔහු එක එල්ලේ බිත්තිය දෙස බලා සිටි අතර ඔහුගේ හක්ක සෙලවෙන ආකාරය මා දුටුවේය.

” එය හරියට…. එය සබැවින්ම විශාල වෙලාවක් කෙනෙකු සමග ගත කිරීමට, මුළු දිනයම.” මා නැවත පැවසීය. ” සමහරවිට ඔබ මට මදක් හෝ කියනවා නම් ඔබට කිරීමට අවශ්‍ය දේ, ඔබ කැමති මොනවටද, එවිට මට හැකියි… සැම දෙයක්ම ඔබ කැමති ආකාරයට කිරීමට.”

මේ අවස්ථාවේ නිශ්ශබ්දතාවය රිදුම් දෙන සුළු විය. එයින් මගේ හඩ සෙමෙන් සිරවෙනු මට ඇසිණි. කුමක් කරන්නේ දැයි මට සිතා ගත නොහැකි විය. ට්‍රිනා සහ ඇය ලෙස දක්ෂ වූ විලාසය මා තුළින් ශේෂ වී ගියේය.

අවසානයේ රෝදපුටුව හැරවූ ඔහු සෙමෙන් මා දෙස බැලීය.

” මේ තමයි මම ඔබ ගැන දන්නා දේවල් ක්ලාක් මෙනවිය. මගේ අම්මා පැවසුවා ඔබ ඉතාම කටකාර බව. ” යැයි ඔහු පැවසුවේ එය ඔහුට හිරිහැරයක් පරිද්දෙන්ය. ” අපි ගිවිසුමක් ගසමුද? එමගින් ඔබට මා සමග කටකාර ලෙස කියවන්නේ නැතිව සිටිය හැකිද?”

මා දැඩි නින්දාවට පත් විය. මගේ මුහුණ ගිණි අවිලේන්නාක් මෙන් මට දැනෙන්නට විය.

” හොදයි ” මට කතා කිරීමට හැකි වූ විගස මා පැවසුවේය. ” මම මුළුතැන්ගෙයට තුළ සිටින්නම්, ඔබට කුමක් හෝ අවශ්‍ය නම් මට කතා කරන්න.”

මතු සම්බන්දයි!
______________________________________________

* ගැස්ට්රොපබ් – මිලෙන් අධික සුපොපභෝගී අහාර හා බිම සදහා විශේෂ වූ ස්ථානය.