ප්‍රේමය හැදින්නෙමී (2වන කොටස)

ප්‍රේමය හැදින්නෙමී (2වන කොටස)

1වන කොටස කියවන්න –  Click

එහෙනම් ඒ
පන ගැහෙන හදවතක් තියෙන මනුස්සයෙක් වෙන්න බෑ…

ගුරූ සමච්චල් හිනාවක් දාලා නැගිටින්න යද්දී වාරු නැති කකුල් ආයෙමත් ගුරූව බිමටම ඇද දැම්මා…

ඔච්චර අහංකාරකමක් මොකද තමුන්ට ආහ්…
දැන් දවස් කීයක් තිස්සෙ මෙහෙම ගුටි කනවද…
තමන්ගෙ නිදහස වෙනුවෙන් ඇයි වචනයක් කතා නොකරන්නෙ…
තමුන් මෙහෙම මැරි මැරී ඉපදෙන හැටි බලාගෙන දන්නවද මං ඉවසගෙන ඉන්න අමාරුව…

කල්පණාගෙ කටට බ්‍රේක් නැතුව ගියේ ගුරූගෙ මේ අහංකාර වැඩවලට…

ඉවසනවා… මොකටද…
මං ගැන බලන්නෙපා..
යනව යන්න…

තරින්ද ප්ලීස්…

ගුරූ… මං ගුරූ…

නෑ…හ්
මං ආස තරින්ද කියන එකට..
මං කියන්නෙ එහෙමයි…

පාඩුවෙ ඉන්න දෙනවා මිස්…
පින්සිද්ධ වෙයි..

කල්පණා මොකුත් නොකියාම ගුරූව බලෙන්ම වත්තන් කරගෙන ඇවිත් ඔහුගෙ තුවාල වලට බේත් දැම්මේ හිතේ ඔහු ගැන අනුකම්පාවට එහා තේරුමක් නැති මොකද්දෝ හැගීමක් හීනියට දළුලාගෙන වැඩෙද්දී…

හෙටත් ඔයි තුවාල පෑරෙනවා මිස්..
මොකද්ද මිස්ට වෙලා තියෙන්නෙ…
මිස්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න..
මං හෙට අනිද්දා මැරෙන්න ඉන්න එකෙක්…

මං ඔයාට මැරෙන්න දෙන්නෙ නෑ..
මට දැනෙනවා ඔයා වැරදි නෑ කියලා..
තරින්ද…
මං අනිවාර්යයෙන් ම ඔයා නොකියන මේ කතාව හොයාගන්නවමයි..

මොකද්ද ඔච්චර මං ගැන තියෙන කැක්කුම..

තරින්දගෙ ඇස් දිහාම බලාගෙන මොහොතක් කල්පනා කරපු කල්පණා..,

මං දන්නෙ නෑ…

කියාගෙන යන්න ගියා…

……………………………

දවස් දෙක තුනකින්ම කල්පණා පේන්න නොහිටි නිසා ගුරූ හිතෙන් දුක් වුනා..
ජීවිතේ කෙදිනකවත් නොලබපු කරුණාවක් ඇගෙන් ලැබෙද්දි
නුහුරු නුපුරුදු ඇගේ කටහඩ පවා ඔහුට ගෙන ආවෙ සහනයක් සැනසීමක් බව මේ වන විටත් ඔහු හොදින්ම අවබෝධ කරගෙන සිටියා..

කල්පනාවක එල්ලී බිම වැතිර හුන් ඔහුගේ දැහැන බිදුනේ අයෙකුගෙන් ලද ආමන්ත්‍රණයකට…

ඒයි ගුරූ….
නැගිටිනවා…

ගුරූ බිම ඉදගෙන බැලුවේ කව්ද කියායි…

මේ ලියුමක්..
ආ…

කූඩුවේ කූරු අස්සෙන් ඇතුලට විසික් කළ කොලය හෙමින් විවර කළ ගුරූ ජීවිතේ ප්‍රථම වතාවට කියවන හසුන් පතයි මේ….

ගුරූට නොව තරින්දට….

කියාගනු නොහැකිව
සිව් මසක් තිස්සෙම…
විදෙව්වා තනිවම
දරාගනු නොහැකිව..

ප්‍රථම පෙම විය නුඹ
මගේ මුළු දිවියෙම..
ගලක් නුඹ ගලක්මයි
හැගීමක් නොදැනෙන..

කිසිත් පවසනු නැතී
නිරයම ඉල්වතී..
බලා ඉන්නට බැරී
නිසා මම නවතිමී..

…කල්පණා…

ලෙසින් එහි සටහන්ව තිබුණි…
කොළය කියවා ගුලි කර පැත්තකට විසික් කළ ඔහු නැවතත් ගොස් හුන් තැනින් වැතිරුනා දෑස් වසාගෙනම…

බෝල ඇස් දෙක හීන් ඇහි බැම තොරක් නැතුව උල් කර කර කියවන ලා රෝස පැහැ ඇගේ දෙතොල ඔහුගේ ඇස් දෙකට අනිද්දී නැවතත් ගුරූ නැගිට්ටා…
වීසී කර දැමූ කොලය අහුලන් නැවත නැවතත් කියෙව්වා…

ආදරේ…
මොන පිස්සු කතාවක්ද…
මොකද මට මේ කෙල්ලම පේන්නෙ..
නිදා ගන්නත් නෑ ෂික්..හ්..

…………………………

සර්…

යස් කල්පණා… ඔයා නිවාඩු ගියපු වැඩේ කරගත්තද…
මොකද වුනේ…

සර්… ගුරූ වරදකරු තමයි..

හහ් හහ්… මං කිව්වනෙ කල්පණා තේරුමක් නෑ කියලා ඕකගෙ ගැන හොයලා..
ඌ මොකුත් නොකියන්නෙ ඌ වැරදි නිසා වෙන්න ඇති…

නෑ සර්.. ගුරූ එහෙම කරන්න හැන්ගිච්ච ලොකු කතාවක් තියෙනවා..
මං ගුරූගෙ ඒ කතාව හොයාගත්තා…

වාව්… මයි ටැලන්ටඩ් ගර්ල්…
කියමු බලන්න සාක්ෂි ඇතුව…

සර් විහිලුවට ගනීද දන්නෙ නෑ මාව..

පිස්සුද ළමයෝ අපිත් ලේ මස් වලින් හැදුනු මිනිස්සු…
අපිටත් ඕනෙ එකෙක් හරි මේ අපායෙන් ගැලවිලා ජීවිතේ ගොඩදාගන්නව දකින්න…

සර්… තරින්ද වානගුරු.. ඒ කියන්නෙ ගුරූ… එයාට නංගි කෙනෙක් ඉදල තියෙනවා හුගක් ලස්සන මේ බලන්න…
මේ ෆොටෝ එකේ ඉන්නෙ ගුරූ, එයාගෙ එකම නංගිත් එක්ක..

ඕහ්… ඉතින්..

ගුරූ දැනුවත්ව..
එයාගෙ නංගි අමායා වානගුරු ප්‍රේම සම්බන්දයක් පවත්වලා තියෙනවා සහන් පලිහවඩන කියලා කෙනෙක් එක්ක..

සහන් කියන්නෙ ගුරූගෙ ලගම යාලුවෙක්..
එයාට ඉන්නෙ එක මල්ලි කෙනෙක් විතරයි..
ඒ සදුන් පලිහවඩන..
එයත් මගේ සාක්ෂිකාරයෙක්..

මේ කේස් එකට නංගිගෙ පෙම්වතා එක්ක මොකද්ද තියෙන සම්බන්ධෙ කල්පණා..

සර්…
සහන්, ඇමතිතුමාගෙ පුතා ඇන්ටන්ගෙ බොඩිගාඩ් කෙනෙක් විදියට වැඩ කරල තියෙනවා…

ඕහ්… එහෙමද..

එක දවසක ඇන්ටන්ට ඇටෑක් එකකට ආපු කට්ටියකට සහන් පහරදීල පන්නල දාල තියෙනවා…
ඊලඟ දවසෙ සහන් වැඩට යන්න බස් එකට ඉද්දි නාදුනන පිරිසක් එයාව පැහැරගන්නවා..
මෙතනදි සහන්ගෙ මල්ලි සදුන් ගුරූ හොයාගෙන යනවා වුනු අසාධාරණය කියන්න..
ඒ වගේම සහන්ගෙ ඒකපාර්ශ්වික ආදරේ ගැනත් සදුන් ගුරූට කියනවා..

ගුරූ පොරොන්දු වුනා වගේම හවස් වෙද්දි සහන්ව හොයල පහර කෑම් වලට බේත් දාලා ගෙදර යවනවා..
මෙතන ඉදල තමයි අමායගෙ සහන්ගෙ ආදරේ ගුරූ එකතු කරන්නෙ…
මාස හයක් විතර යද්දි එක දවසක ගුරූගෙ නංගිව වගේම සහන්වත් ආයෙම පැහැරගෙන තියෙනවා…
සර්… මේ පැහැරගැනීම කරල තියෙන්නෙ ඇන්ටන්ගෙ ගෝලයෝ…

මොකක්…??
එතකොට සහන් වැඩ කලේ ඇන්ටන් ගාවමනෙ…

ඔව් සර්… ඇන්ටන් දවස් ගානක් ම අමායා එක්ක සහන් බයික් එකේ යනව එනව දැකල තියෙනවා…
පස්සෙ අමායා………………………..

—–මතු සම්බන්දයි—–

ලියන්නේ  – මලීෂා වික්‍රමසේකර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>