ඇගේ මතකය – 03වන කොටස

ඇගේ මතකය – 03වන කොටස

මෙතෙක් කථාව දෙවන කොටස බල්ලන – click

දෝණි =”මම…..! මම….අනේ! මම, මං නේ,”

*තිසේරා sir  “ඕව් ඔයා ඔයාම තමයි”
” එත් ඔයට නමක් තියෙනවනේ,”

*දෝණි  “මට නමක් තියෙනවා ”

*තිසේරා sir  “එහෙනම් මට කියන්න මොකක්ද ඔයාගෙ නම..”

*දෝණි  “මං පස්සෙ නම කියනවනම් ”
*තිසේරා sir  ” හොඳයි එහෙනම් මට ඔයාගෙ විස්තර කියන්නකෝ,”

*දෝණි  “හරි විස්තරකියන්නම්”

*තිසේරාsir “ඔයාගෙ ගම කොහෙද”

*දෝණි  “මාගේ ගම හපුතලේ හරිම ලස්සන මීදුම පිරුණු මිහිපිට සුරංගනා ලෝකයක් වගේ මගේ ගම,”

*තිසේරා sir  “ඉතින් ඔයට තව කවුද ඉන්නේ,”

*දෝණි  “අම්මා,තාත්තා,මල්ලි,මම හරිම ලස්සන පුංචි පවුලක් ,
අම්මා ගුරුවරියක්,තාත්තා විදුලිබල මණ්ඩලයේ,කිසිම අඩුපාඩුවක් නැතිව සැපවත් ජීවිතයක් අපි ගත කරා …”,

*තිසේරා sir  ඉතින් කියන්න තවත් විස්තර මම අහගන ඉන්නේ ”

*දෝණි  “හ්ම්ම් මම අම්මාගේ ස්කොලේම තමයි එක වසරෙ ඉදන් ගියේ,ගමේ ස්කොලේ තමයි අම්මා ඉගැන්නුවේ….මම ශිෂ්යත්ව විභාගය පාස් වුනා හොද ලකුණු මට්ටමකින් පාස් වුන හින්දා..මට කොළඹ තියෙන ජනප්රිය
පාසලකට යන්න පුළුවන් වුනා,පාසලේ නේවාසිකාගාරයේ අපි වගේ දුර පළාත් වලින් එන ළමයින්ට නවතින්න පුළුවන් නිසා අම්මා,තාත්තා මාව එ ස්කොලේට දැම්මා,අලුත් ස්කොලේ,කොළඹ රස්නෙ,අලුත් ළමයි,සේරමට වඩා ගෙදර අය නැති දුක,සේරම නිසා ටික දවසක් යනකල් දුකෙන් තමයි හිටියේ මාසයක් දෙකක් යන කොට ඉබේම හැමදේටම පුරුදු වුනා අම්මලත් මාසෙකට සැරයක් එනවා බලන්න කැමති කැමත් අරගෙන තමයි එන්නෙ යාලුවො ගොඩක් ඉන්න නිසා
එයාල අම්මලා එන නිසා අපි ට කැම වලින් නම් අඩුවක් තිබුණේ නැහැ
කාලේ ගෙවුන ඉගෙනීමටත් හොඳට කෙරුණ
සාමාන්ය පෙළ උසස් විදියට පාස් වුණා මම
උසස් පෙළට තෝරා ගත්තේ ගණිත අංශය ගුරුවරුන්ගේ අම්මාගේ තාත්තාගේ කැමත්ත එක්ක තමයි මම මෙ අංශය තෝර ගත්තේ,

ගමෙන් ආව මම නගරයේ ජනප්රිය පාසලක ප්රධාන ශිෂ්යනායිකාව දක්වා යෑමට මාගේ දක්ෂතා ගොඩක් උදව් වුනා,

උසස්පෙළ විභාගය ලියලා ස්කොලේට ආයුබෝවන් කියලා යන අන්තිම දවස මට ැනුනෙ මගේ හුස්ම
නැති වෙනවා වගේ හැඟීමක් දැනුනෙ
එ තරමටම මම ස්කොලේට ආදරේ කරා …….

එදා තිබුණ දුක නැති වෙන්නත් එක්ක අපි යාලුවො ටික මැඩම් ගෙන් අවසර ඉල්ලගන ෂොපිං කරන්න ගියා
අනිත් දවසෙ ගෙවල් වලට යන්න ඉන්න නිසා මොනව හරි ගන්න තමයි අපි ගියේ…

අපි හිතුවට වඩා රැ වුනා එන්න..
ඉක්මනට හදිස්සියෙ එනකොට මගේ පර්ස් එක වැටිලා එක දැන ගත්තේ හොස්ටල් එකට ආවාට පස්සෙ

මට මතකයි හොස්ටල් එකට හැරෙන පාරෙදී මාගේ බඩු තිබණු බෑග් එක වැටුණා,
මට හොඳටම විස්වාසයි පර්ස් එක එතැන තමයි තියෙන්නේ කියලා,

හොස්ටල් නීති වලට අනුව හවස හතෙන් පස්සෙ කිසිම හේතුවක් නිසා එළියට යන්න බැහැ,

එත් මාගේ සේරම දේවල්,සල්ලි තිබුණේ පර්ස් එකේ හෙට ගෙදර යන්නත් කීයක්වත් නැහැ,

මං කාටත් හොරෙන් හොස්ටල් එක පිටි පස්සෙ වැටෙන් එළියට අාවා වෙලාව නමයට විතර..

පාරට ආවාට මට භය හිතුනා දවල්ට වඩා පාර ගොඩක් පාළුයි

මං පුළුවන් තරම් වේගෙන් දුවගෙන ඉස්රහට ගියා

වංගවෙන් හැරෙදදිම ලයිට් එලියක් මාගේ ඇස් දෙකට වැටුණා,……..

වාහනේ ආව වේගෙට මාව හැප්පුණා උඩින් ගිහින් ලයිට් කනුවක මාගේ ඔළුව වැදුණා

මට දැනුනේ ඔළුව ඇතුළේ බෝම්බයක් පිපිරුවා වගේ වේදනාවක්

එක්කම මාව වැටුණා එතැන තිබුණු කානුවට

එත් එක්කම මට පුදුම සැහැල්ලුවක්

දැනුණා පිහාටුවක් වගේ පාවෙනවා වගේ මට දැනුණේ මට මාවම පෙන්න පටන්ගත්තා

මාගේ මුළු මුණ පුරාම ලේ වාහනෙන් ආව කට්ටිය එ වාහනේම දාගෙන මාව අරගෙන ගියා රෝහලට

ගිය ගමන්ම මාව ඔපරේෂන් එකකට ගත්තා

මට ගෙදර මතක් වුනා

මතක් වෙනකොටම මම හිටියේ අපේ ගෙදර

අම්මා කේක් එකක් හදනවා මල්ලිත් උදව් කරනවා

තාත්තා news බලනවා අම්මා මම හෙට ගෙදර එන නිසා පුදුම සතුටකින් ඉන්නේ මම අම්මාට කතා කරා

අනේ අම්මාට මාව ඇහෙන්නෙ නැහැ පෙන්න නැහැ

අනේ අම්මේ මට අම්මාට තුරුළු වෙන්න ඕනෑ ,මට අම්මාව ඕනෑ ,මට වුන දේවල් කියන්න ඕනෑ, අම්මාගේ උකුළේ නිදා ගන්න ඕනෑ, අනේ මාගේ දිහා බලන්න අම්මේ කියලා මම කැැ ගහලා ඇඩුවා

එත් කිසිම වැඩක් උනේ නැහැ
මට මාව බලන්න හිතුනා

මං එතකොට හිටියේ රෝහලේ ,

මාව දැඩි සත්කාර එකට දාලා තිබුණා

මුළු ඔළුව පුරා සුදු බැන්ඩේජ් ඔතලා තිබුණා
මාගේ මුහුණ ගොඩක් පිම්බිල,

ඇස් වටේ කළු වෙලා

මැෂින් ගොඩක් මාගේ ඇද වටේට තිබුණා
නර්ස් කෙනෙක් සැරින් සැරෙට ඒවා චෙක් කරනවා

මාගේ හුස්ම වැටෙනවා
එත් සිහිය නැහැ පැය දෙකක් වගේ ගෙවී ගියාම doctor කෙනෙක් ආවා
එයා ඇහුව නර්ස් ගේන් කොහොමද දැන් මෙයට කියලා

නර්ස් කිව්වා තාම සිහිය නැහැ doctor උදේට test ටිකක් කරනවා දැනට නම් නෝර්මල් කිව්වා..

කාලේ ගෙවුනට මට නිදි මත,බඩගිනි කිසිම දෙයක් දැනුනේ නැහැ

උදේ ඩොක්ටර්ස්ලා ගොඩක් අාවා මාව බලන්න..

එයාල එක්ක පොලිසියේන් ආවා මාගේ විස්තර බලන්න තමයි ඇවිත් හිටියේ

doctor එයාලට කිව්වා මෙයා කොමා තත්වයක ඉන්නේ දැන්ම අපිට මුකුත් කියන්න බැහැ කියලා,

මෙයා කවුද විස්තර හොයා ගන්න අපිට කිසිම විදිහක් නැහැ

පුළුවන් තරම් ඉක්මනින් මෙයා කවුද කියලා හොයා ගත්තොත් අපේ ප්රතිකාර වල සාර්ථකත්වයක් දකින්න පුළුවන් කියලා doctor පොලිසියට කිව්වා……

*තිසේරා sir ” මට මෙතන පොඩි ප්රශ්නයක් තියෙනවා”.

*දෝණි  “මොකක්ද ඔයට තියෙන ප්රශ්නේ ”

*තිසේරා sir  “ඔයා වාහනේකට හැප්පිලා නම් මැරුණෙ,ඇයි කන්දෙදි මැරුණා කිව්වේ ”

*දෝණි  “ඕව් මම මැරුණෙ කන්දෙ,මැරුණා නෙවෙයි මැරුවා,
හැප්පිලා මම මැරුණෙ නැහැ කොමා වුනා විතරයි…..
මං තාම කතාව කියලා ඉවර නැහැ ”

*තිසේරා sir හරි දිගටම කියන්න ……

මුල් කොටස් කමෙන්ට් වලින් බලන්න

මතු සම්බන්දයි

ලියන්නේ – නයෝමි පුන්සලා රාජගුරු

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>