ඔබට පෙර මම (5වන පරිච්ඡේද යේ සිට 8වන පරිච්ඡේද දක්වා)

ඔබට පෙර මම (5වන පරිච්ඡේද යේ සිට 8වන පරිච්ඡේද දක්වා)

5 වන පරිච්ජේදය

මා කෙලසකින්වත් දරදඩු පුද්ගලයෙකු නොවිය. නමුත් මේ අවස්ථාවට අනුව මා එසේ විය යුතුව තිබිණි. නමුත් එය මගේ මොළයට තරමක් අමාරු කාර්යක් විය. විශේෂයෙන්ම මා සමග හැදී වැඩුණු මගේ බාල සොයුරිය මට වඩා ඉහළ ශ්‍රේණියක ඉගෙනුම ලැබීම මට දරා ගැනීමට අපහසු කරුණක් විය.

දහඅට මසක් මට වඩා වයසින් ළාබාල වුවද ඕනෑම වැදගත් වැඩක් කත්රිනා මුලින්ම කළේය. මා කියවූ සැම පොතක්ම ඇය ඊට පෙර කියවා තිබිණි. රාත්‍රී කෑම මේසයේදී මා පැවසු සැම කරුණක්ම ඇය ඒ වන විටත් දැන සිටි ඒවා විය. විභාග වලට ප්‍රිය කෙරු මා දන්නා එකම පුද්ගලයා ඇය විය. මා සිතා සිටියේ මා මේ ලෙස ඇදුම් කිහිපයක් ගලපා එකට අදිනු ලැබුවේ එය ට්‍රිනාට කල නොහැකි එකම දේ වූ බැවින් යැයි කියාය. ඇය කලිසම් හා දිගු අත් සහිත ටී ෂර්ට් පමණක් අදින කෙල්ලෙක් විය. ඇයගේ නුවණ කොපමණද යත් ඇය මුලින්ම කලිසම අයන් කරන්නේය.

මා සිතට එන ඕනෑම දෙයක් කීමට පුරුදු වී සිටි නිසා මගේ පියා ” නිළිය ” ලෙස මා ඇමතීමට පුරුදුව සිටියේය. ඔහු පැවසුවේ මා ලිලී නැන්දා වගේ කියාය.නමුත් මා ඇයව කෙදිනකවත් දැක නැත. ඇත්තෙන්ම කෙදිනකවත් දැක නොමැති කෙනෙකු සමග තමන්ව සංදන්දනය කරනවා ඇසීම විකාර සහගත දෙයක් විය. මා දම් පැහැති බුට්ස් පාවහන් පැළද පහත මහලයට ගියහොත් මගේ පියා මවට කෑගසා මෙසේ පවසයි.

” ඔබට මතකද ලිලී නැන්දා සහ ඇගේ දම් පැහැති බුට්ස් පාවහන්, අහ්හ් ? ” එය අසා මගේ මව කෙකර ගාමින් සිනාසෙන්නට පටන් ගන්නේය. මව මා හදුන්වන්නේ තනි පුද්ගලයෙකු ලෙසය. ඒ ඇගේ ශිෂ්ටසම්පන්න ක්‍රමයට අනුව මා අදින පළදින ආකාරය ඇයට නොවැටහෙන නිසාවෙණි.

නමුත් යොවුන් වියේදී මට කිසි දිනෙක ට්‍රිනා ලෙස හෝ වෙනත් කෙනෙකු ලෙස වීමට අවශ්‍ය කලේ නැත. අවුරුදු දාහතර සපිරෙන තෙක්ම මා ඇන්දේ පිරිමි ළමුන්ගේ අදුම්ය. දැන් මට මා සොයා ගැනීමට කාලයයි. බොහෝ විට මා අදින පළදින ආකාරය රදා පැවතියේ ඒ අවස්ථාවේ මගේ ස්භාවය අනුවයි. මා කිසි ලෙසකින්වත් සාම්ප්‍රදායික ලෙස සිටීමට උත්සහ නොකළේය. මා ඉතා කුඩා සිරුරකට උරුමකම් කිවේය. මගේ හිසකෙස් තද කලු පැහැති විය. එමෙන්ම මගේ පියා පවසන පරිදි මගේ මුහුණ බහිරවයකුගේ මුහුණක් මෙන් විය. නමුත් එය කිසි ලෙසකින්වත් සුන්දර බහිරව රුවක් නොවිය. මා අවලක්ෂණ පුද්ගලයෙකු නොවිය. නමුත් කිසිවෙකු කිසි දිනෙක මට සුන්දර යැයි කියනු ඇතැයි මා නොසිතුවේය. එවැනි සුන්දර දෙයක් මා සතු නොවිය. පැට්රික් ඔහුට උදවුවක් අවශ්‍ය වූ විට ලස්සන කෙල්ල ලෙස මා අමාන්ත්‍රණය කරයි. නමුත් ඔහු එසේ පවසන විට එහි යම් විශේෂත්වයක් මට හැගෙයි.

මට වයස අවුරුදු විසි හයක් විය. නමුත් මා කුමක් කරන්නේ දැයි මා තවම දැන සිටියේ නැත. මගේ රැකියාව නැති වන තුරු මා එක් මොහොතක් හෝ ඒ පිළිබදව සිතා තිබුණේ නැත. මා සිතා සිටියේ
මා පැට්රික් හා විවාහ වනු ඇතැයි කියාය. ළමයින් කිහිපදෙනෙකු සාදනු ඇතැයි කියාය. මා සැමදාම ජිවත් වූ විදියෙන් වීදි කිහිපයක් ඈතින් ජිවත් වනු ඇතැයි කියාය. ඇදුම් පැළදුම් පිළිබද අසාමාන්‍ය රසයක් හැරුණුකොට මා සාමාන්‍ය යුවතියක් ලෙස පෙනෙනු ඇත. ඇත්තෙන්ම මා මදක් කොට වීම හැර විදියේ ගමන් කරන අන් අය හා මා වෙන්කර හදුනා ගැනීමට වැඩි යමක් මා සතුව නොවිය. මා කිසිවිටකත් කෙනෙකු දෙසැරයක් හැරී බලන ස්වරුපයේ පුද්ගලයෙකු නොවිය. සාමාන්‍ය ජිවිතයක් ගත කරන සාමාන්‍ය තරුණියක්, එය ඇත්තෙන්ම මට ගැලපිණි.

” ඔබ සම්මුඛ සාකච්ඡාව සදහා යෝග්‍ය ඇදුම් කට්ටලයක් ඇදිය යුතුයි.” මව ස්ථිර ලෙස මට කියා සිටියේය. ” සැමදෙනෙක්ම සාමාන්‍ය ඇදුම් අදිනවා වැඩියි මේ දින වල…”

” ඒ මොකද කිවුවොත් හිරට හිරේ කෝට් ඇදුම් ඇදගත්තම මිනිසුන්ව හැන්දක් වගේ පෙනෙන නිසා…” යැයි මා පෙරලා පැවසිය.

” ඕනෑවට වඩා පණ්ඩිත වෙන්න එපා ලූ…”

” මට කෝට් ඇදුම් කට්ටලයක් ගැනීමට වියදම් කිරීමට නොහැකියි… එසේ වියදම් කර රැකියාව නොලැබුනොත් කුමක්ද සිදුවන්නේ…”

” ඔබට මගේ එකක් ඇදීමට පුළුවන්, ඒ වගේම මම ඔබට හොද හැට්ටයක් අයන් කර දෙන්නම්… ඒ වගේම මේ සැරේට විතරක් ඔබේ කොණ්ඩය මේ විදියට උඩට ගැට ගසන්න එපා… යැයි මගේ කොණ්ඩය දෙස බලා ඉගිමැරු ඇය පැවසුවේය. එය සාමාන්‍ය ලෙස දෙපසට බෙදා හිස දෙපැත්තේ ගුලි දෙකක් ගසා තිබුණේ මා සාමාන්‍ය පුද්ගලයකු ලෙස පෙනීම සදහාය. ඒ ලියා කුමරියගේ* කොණ්ඩ විලාසිතාව විය.

මව සමග වාද කිරීමට මා වඩා හොදින් දැන සිටියේය. එමෙන්ම මා පියාට උපදෙස් දුන්නේ නිවසෙන් පිට ගමන් යන විට අදින ඇදුම් පිළිබද ඔහුගේ අදහස් මා හට නොපවසන ලෙසයි. ඉතා හිර වූ කොට සාය නිසා මගේ ගමන් විලාසය විකාරරූපී විය.

” නමුත් කෙල්ලේ… ” ඔහු පැවසුවේය. ඔහුගේ කට නළියනු මා දුටුවේය. ” සුභපැතුම් දැන්… ඔබ දැන් ඉතාම…. ව්‍යාපාරානුරූපයි.”

මා ඇද සිටියේ එක් දහස් නවසිය අසු ගණන්වල විලාසිතාවක් වූ මවගේ ඇදුමකි. නමුත් අපහසුවට කරුණ එය නොවිය. එය ඇත්තෙන්ම මට ඉතා කුඩා විය. පපු ප්‍රදේශයේ වූ පටියකින් මාගේ සිරුරේ මධ්‍යභාගය කැපෙනවාක් මෙන් මට හැගිණි. එහි වූ කබාය ලය දෙපසට අදිනාක් මෙන් තද විය.

කෙටි ගමනාන්තය දක්වා මා බස් රථයේ හිද සිටියේ අසනීප වූ සෙයකිනි. මා කිසි දිනෙක නිසිලෙස සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිට නැත. මා බටර් බන් හී සේවයට ගියේ ට්‍රිනා මට දිනකින් රැකියාවක් සොයාගත නොහැකි යැයි ඔට්ටු ඇල්ලු නිසාවෙණි. මා එහි ඇවිද ගොස් ෆෑන්ක් හමුවී ඔහුට තවත් අත් දෙකක් උවමනා දැයි විමසිය. එය ඔහු අවන්හල විවෘත කල පළමු දිනය විය. ඔහු මා දෙස කෘතඥපුර්වකව බලා මා සේවයට එක් කර ගත්තේය.

ආපසු බලන විට ඔහු සමග මුදල් පිළිබද සාකච්ඡා කෙරූ බවට කිසිදු මතකයක් මා සතුව නැත. ඔහු සතිපතා වැටුපක් ගෙවන බව පැවසුවේය. මා ඒ සදහා එකග විය. වසරකට වරක් ඔහු මාගේ වැටුප් වැඩි කළේ මා බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි මුදලකිනි..

ඒ කෙසේවුවත් සම්මුඛ සාකච්ඡාවකදී මිනිසුන් අසන්නේ මොනවාද? මේ වයස්ගත පුද්ගලයා සදහා
ප්‍රායෝගිකව දෙයක් කර පෙන්වන ලෙස පැවසුවොත් මා කුමක්ද කරන්නේ… ඔහුට කවන්න හෝ ඔහුව නැහැවීමට හෝ වෙනයම් දෙයක් හෝ පැවසුවහොත්… සයිඩ් පැවසුවේ ඔහුගේ අභ්‍යන්තර පිරිසිදු කටයුතු සදහා පිරිමි සාත්තු සේවකයෙකු සිටින බවයි. මගේ පාද වෙව්ලන්නට විය. “ඒ සමග බලන විට අතුරු සාත්තු තනතුර කුමක් සදහාද යන්න මදක් පැහැදිලි මදි.” ඔහු කිවේය. මහළු මිනිසෙකුගේ මුවින් ගලන කෙළ මා පිසදමන අයුරු මට මැවී පෙනෙන්නට විය. සමහර විට මා ඔහුට තේකක් අවශ්‍ය දැයි ඉතා ශබ්ධයෙන් අසමින් සිටිනවා විය හැකිය.

සීයා ඔහුට පළමු වරට ආඝාතය වැළදීමෙන් අනතුරුව යතාතත්වයට පත්වන තුරු ඔහුට කිසිදු දෙයක් තමන් විසින් කරගැනීමේ හැකියාවක් නොතිබිණි. මා පහත් කර සැලකු ඒ සියලු දෙයක්ම මව තනිවම ඔහු වෙනුවෙන් ඉටු කළේය. මා ඒසේ සිතන බව කිසිවෙකුත් විශ්වාස නොකරන බව මා දැන සිටියේය. මා කුමණ ලෙසකින් නිර්මාණය වුවෙක් දැයි මට හැගීණි. ” ඔබේ මව ඉසිවරයෙක්…” පියා පැවසීය.

ස්ටෝර්ට්ෆෝල්ඩ් මාලිගයට අනෙක් පසින් හා මධ්‍යකාලීන බැම්මට ළගින් ග්‍රන්ටා නිවස පිහිටා තිබුණේය. පදික වේදිකාවකින් තොර වූ දිගු මාර්ගයේ වුයේ නිවාස හතරක් හා ජාතික අරමුදල් සාප්පුව පමණයි.මා මින් පෙර දහස්වරකට වඩා වැඩි වාර ගණනක් මෙම නිවස දෙස නිසි ලෙස නොබලා මෙය පසු කර ගොස් ඇත. හිස්ව පැවති රථවාහන අංගනය හා කුඩා දුම්රිය මාර්ගය පසු කර ඇවිද ගිය පසු එම නිවස මා සිතා සිටියාට වඩා විශාල බව දක්නට ලැබිණි. ඉදිරිපස පිවිසුම් දෙකක් සහිත ග්‍රන්ටා නිවස රතු පැහැති ගලින් නිමවා තිබිණි. එය කන්ට්‍රි ලයිෆ්*1 සගරාවක පැරණි පිටපතක වූ නිවසක් මෙන් විය.
කිසිවෙකු හෝ කවුළුවකින් මා දෙස බලා සිටින්නේ යැයි හැගෙන සිතුවිල්ල යටපත් කරගනිමින් මා ඉදිරියට ඇවිද ගියේය. වැඩි දුරක් පා ගමනින් එම නිසා මට මහත් වෙහෙසකර බවක් දැනිණි. එමගින් මහත් පහත තත්වයක් පිළිබිඹු වේ යැයි මට හැගී ගියේය. සුළග නිසා නළලට වැටි තිබු කෙස් රොදක් මා අතින් සකස් කර ගත්තේය.

මට වඩා වැඩි වයසක් නොමැති වූ කාන්තාවක් දොරටුව විවෘත කර ද්වාරයෙන් එලියට පිවිසියේය. සුදු පැහැති කලිසමකින් සැරසී සිටි ඇය වෛද්‍යවරයෙකුගේ වැනි සුදු පැහැති කබායක් පැළද සිටි අතර තවත් කබායක් අතින් ගත් ඇගේ බාහුව යට ලිපිගොණු කිහිපයක් විය. ආචාරශ්‍රීලී ලෙස සිනාසුණු ඇය මා පසුකර ගමන් කරේය.

” පැමිණියාට ඔබට බෙහෙවින්ම ස්තුතියි.” නිවස ඇතුලතින් හඩක් පැවසිය. ” නැවත හමුවෙමු…” යැයි පවසමින් මැදි වයසේ රූමත් කාන්තාවකගේ මුහුණක් දොරටුවෙන් මතු විය. මනා ලෙස වැදගත් පෙනුමකට කපා තිබු කොණ්ඩයකින් සමන්විත වූ ඇය ඇද සිටි කෝට් ඇදුම් කට්ටලය මගේ පියාගේ මාසික අදායමටත් වඩා වැඩි විය.

” ඔබ ක්ලාක් මෙනවිය විය යුතුයි.”

” ලුසීයා ” යැයි පවසමින් මගේ මව පැවසු පරිදි අතට අත දීමට මා ඇය වෙත අත පෑවේය. මේ කාලයේ තරුණ පිරිස් කිසිලෙසකින්වත් අතට අත දීම් සිදු කලේ නැහැ.

” ඔව්, හරි ඇතුළට එන්න…” හැකිතාක් ඉක්මණින් මගේ අත ගෙන සෙලවූ ඇය පැවසීය. නමුත් මට හැගී ගියේ මා පරීක්ෂාවටලක් කරමින් ඇය මා දෙස බලා සිටින බවයි.

” ඔබ ඇතුළට එන්නට කැමතිද… අප චිත්‍ර කාමරය වෙත ගොස් කතා කරමු… මගේ නම කැමිලා
ට්‍රයිනොර්.” දිනය පුරාම පැමිණෙන අමුත්තන්ට එකම දේ කිහිපවරක් පවසා සිටි ඇය වෙතින් ඉතා වෙහෙසකර බවක් දිස්විය.

මා ඇය අනුගමනය කරමින් පොළවේ විට වහලය දක්වා උස් වූ විශාල ජනෙල වූ සුවිසාල කාමරයකට පිවිසියේය. මහෝගනී ලීයෙන් සදා තිබු තිර රෙදි දමන පොලු ඝන තිර රෙදි දමා ඉතා විචිත්‍රවත් ආකාරයට සකසා තිබිණි. එහි පොළව සංකිර්ණ රටා සහිත වූ පර්සියන් බුමුතුරුණු වලින් සරසා තිබිණි. එය මී ඉටි හා පෞරාණික ලී බඩු සුවදැති විය.

” හොදයි ඉදගන්න. ඔබ පැමිණියේ රැකියා මධ්‍යස්ථානය හරහා… මම හරිද?” ලිපිගොණු කිහිපයක් පිරික්සන අතර ඇය ඇසීය. මා එහි වටපිටාව විපරම් කරන්නට විය. මා සිතා සිටියේ මේ නිවස නිතර මහල්ලන් හා රෝගීන් ගැවසෙන සත්තු නිවාසයක් ලෙසය. නමුත් මෙය ඉතා මිල අධික හෝටලයක ස්භාවය ඉසිලීය. බිත්තියේ එක් පැත්තක රිදීයෙන් රාමු කල විශාල පින්තුරයක් විය. නමුත් එය මා හිද සිටි ස්ථානයට වඩා ඈතින් පිහිටි හෙයින් එය නැරබීම තරමක් අපහසු විය. ඇය ලිපිගොණු පිරික්සන අතර මගේ පෙණුම වඩා ආකර්ෂණිය වනු පිණිස මා පුටුවේ හරිබරි ගැසී හොදින් හිද ගත්තේය.

” හොදයි ක්ලාක් මෙනවිය. මේ රෝගය පිලිබද ඔබට මීට පෙර අත්දැකීම් තිබෙනවද?”

මා ට්‍රයිනොර් මහත්මියගේ මුහුණ දෙස බැලුවේය.

______________________________________

* ලියා කුමරිය – Star Wars කතා මාලාවේ එන චරිතයක්
*1 කන්ට්‍රි ලයිෆ් (country life) – එක්සත් රාජධානියේ පළවූ සගරාවක්

 

6 වන පරිච්ජේදය

” නැහැ.”

මා පැවසිය. මා හැද සිටි කෙටි සාය මදක් ඉරි ඇති අයුරු මට දිස්වූයේය. එය හැකිතාක් මගේ කබායෙන් වසා ගන්නට මා උත්සහ කළේය.

” ඔබ කොපමණ කලක් සත්තු සේවයේ යෙදී තිබෙනවාද ? ”

” ම්ම්ම්…. ඇත්තටම මම කිසි දිනෙක සත්තු සේවය කර නැහැ.” මා පැවසීය. ඒ මොහොතේ සයිඩ්ගේ හඩ මගේ දෙසවන් තුළ දෝංකාර දෙනු මට ඇසිණි. ” නමුත් මට විශ්වාසයි, මට එය ඉගෙන ගැනීමට හැකියි.”

” ඔබ දන්නවාද මේ රෝගය කුමක්ද කියා.”

” ඔබ… රෝදපුටුවක එක් තැන් වෙන ආකාරයේ තත්වයක්.” මා ගොත ගැසීය.

” හොදයි, එය විග්‍රහ කිරීමට තවත් එක ක්‍රමයක්. එය වෙනස් වෙන සුලුයි… නමුත් රෝගයේ මේ අවස්ථාවේදී අප කතා කරන්නේ සම්පුර්ණයෙන්ම පාද අක්‍රමවත් වීම හා ඉතා සීමිත ලෙස දෙඅත් භාවිතයේ හැකියාව ගැන. ඔබට එය කරදරයක් ද?”

” ඇත්තෙන්ම එය ඔහුට කරදරයක් වෙන තරමට නම් නැහැ.” මා සිනාසෙමින් පැවසිය. නමුත්
ට්‍රයිනොර් මහත්මියගේ මුහුණේ කිසිදු සිනහවක සේයාවක් නොවිය. ” සමාවෙන්න, මා එසේ අදහස් කරේ නැහැ.”

” ඔබට රිය පැදවිය හැකිද, ක්ලාක් මෙනවිය?”

” ඔව්.”

” බලපත්‍ර පිරිසිදුද ? ”

එය එසේ බවට මා හිස සෙලවිය. කැමිලා ට්‍රයිනොර් ඇගේ ලිපිගොණුවේ යමක් සලකුණු කළේය.
මගේ සායේ වූ පැලීම වඩාත් වැඩි වී තිබිණි. එය මගේ කළවා පෙදෙස දිගේ අනුකම්පා විරහිත ලෙස ඉරෙමින් පැවතිණි. මේ අවස්ථාවේ මා නැගී සිටියා නම් වේගාස්* හී නටන කෙල්ලෙකු ලෙස මා දිස්වනු ඇත.

” ඔබ හොදින්ද ?” ට්‍රයිනොර් මහත්මිය මා දෙස ඉතා පරික්ෂාකාරී ලෙස බලමින් ඇසීය.

” මට මදක් රස්නෙයි, මගේ කබාය ගලවා ඉවත් කරාට කමක් නැතිද?” ඇය කිසිවක් කීමටත් පෙර කබාය ගලවා එය මා හැද සිටි සායේ ඉරුණු තැන වැසෙන සේ ඉණෙහි ගැට ගසා ගත්තේය. ” පුදුම රස්නයක්…” ඇය දෙස බලා සිනාසීමට උත්සහ කරමින් මා පැවසීය.

එහි බියකරු විරාමයක් විය. ඉන්පසු ට්‍රයිනොර් මහත්මිය නැවත ඇයගේ ලිපිගොණු දෙස බලන්නට විය.

” ඔබේ වයස කියද? ”

” මට විසිහයයි. ”

” ඔබ මීට පෙර කළ රැකියාවේ අවුරුදු හයක් සේවය කළා.”

” ඔව්, ඒ පිළිබද නිර්දේශය ඔබ ලග ඇති ලිපිගොණුවේ තිබෙනවා.”

” ම්ම්ම්ම්…” ලෙස මිමුණු ඇය වපර ඇසින් මා දෙස බැලිය. ” ඔබේ පැරණි සේවා යෝජකයා පවසන පරිදි ඔබ ආකර්ෂණිය, ඉලක්කයක් ඇති සිත්ගන්න සුළු චරිතයක්.”

” ඔව්, මා ඒ සදහා ඔහුට ගෙවනු ලැබුවා.” මා සිනාසුණේය.

නැවතත් ඇයගේ මුහුණ හැගීම් විරහිත විය. අහෝ දෙවියනේ, කුමක්ද මා සිතුවේ. මෙය නැවතත් මා ශිෂ්‍යාවක් වුවක් මෙන් විය. නමුත් එය කිසි ලෙසකින්වත් යහපත් ආකාරයකට නොවිය. මගේ මව දුන් හැට්ටය ඉතා බාල පෙනුමකින් යුක්ත විය. එහි නුල් කුඩා ආලෝකයකට පවා දිස්නය විහිදුවන ඒවා විය. මට ඇදීමට තිබුණේ මා සතුව තිබු කලිසමක් හා කමිසයකි. ඇත්තෙන්ම වෙන ඕනෑම දෙයක් නමුත් මේ ඇදුම නැතිව.

” ඉතින් ඇයි ඔබ මෙතරම් ආදරය කරන රැකියාවෙන් ඉවත් වුණේ? ”

” එහි අයිතිකරු ෆ්රෑන්ක්, ආපනශාලාව විකුණා දැමුවා. බටර්බන් ආපනශාලාව, එය මාළිගයට පහළින් පිහිටා තිබෙන්නේ.” මා ඇයට පහදා දුණි. ” එහි රැදී සිටීමට තිබෙනවා නම් මා සතුටුයි.”

ට්‍රයිනොර් මහත්මිය හිසසැලිය. ඒ ඇය මා එහි සිටියා නම් සතුටු වන බවටද නැතිනම් ඇයට ඒ පිළිබදව කිසිවක් කීමට අවශ්‍ය නැති නිසාද යන්න මට නොවැටහිණි.

” ඉතින් ඔබට කුමක්ද ඇත්තෙන්ම ඔබේ ජිවිතයේ කිරීමට අවශ්‍ය? ”

” සමාවෙන්න, කුමක්ද ඔබ ඇසුවේ? ”

” ඔබට ඇති වෘත්තීය අපේක්ෂා මොනවද? මෙය යම්කිසි තැනකට යෑමේ මුල් අඩිතාලමක්ද? ඔබට සැබෑ කරගත යුතු වෘත්තීය සිහිනයක් තිබෙනවද? ”

මා ඇය දෙස ව්‍යාකූලව බැලුවෙමි. මේ ප්‍රශ්ණය ඇගේ යම්කිසි ප්‍රයෝගයක්ද?

” මම… මම ඇත්තෙන්ම ඒ තරම් දුරට සිතා නැහැ. මගේ රැකියාව අහිමිවීමෙන් පසු මා… මා අගාධයට වැටුණා. මට අවශ්‍ය නැවත රැකියාවක් ලබා ගැනීම පමණයි. ”

මගේ හඩ දුර්වල විය. කුමන ආකාරයක පුද්ගලයෙක්ද සම්මුඛ පරීක්ෂණයකට පැමිණෙන්නේ ඇයට වීමට අවශ්‍ය කවුරුන්ද යන වග හෝ හරි හැටි නොදැන. ට්‍රයිනොර් මහත්මියගේ මුහුණේ වූ ඉරියව්වෙන් පෙන්නුම් කළේ ඇයද එයම සිතන බවයි. පෑන බීම තැබූ ඇය මා ඇමතීය.

” ඉතින් ක්ලාක් මෙනවිය, මෙම රෝගය සම්භන්ධව වසර ගණනාවක් අත්දැකීම් ඇති අයෙකු වෙනුවට මා කුමටද ඔබව මෙහි සේවයට බදවාගන්නේ? ”

මා ඇය දෙස බැලීය. ” ම්ම්ම්… අවංකවම පැවසුවොත්, මා දන්නේ නැහැ.” එයින් පසු වූ නිශ්ශබ්දතාවක බිදීමට මා නැවත මෙසේ පැවසීය. ” මා සිතන්නේ තීරණය ඔබට භාරයි.”

” ඔබව රැකියාව සදහා බදවා ගැනීමට එකදු හේතුවක් ඔබට ඉදිරිපත් කළ නොහැකියි.”

ඒ අවස්ථාවේ මගේ මවගේ මුහුණ මට මැවී පෙනෙන්නට විය. ඇගේ විනාශ වූ ඇදුම හා තවත් අසාර්ථක වූ සම්මුඛ පරීක්ෂණයක් සමග නැවත නිවසට යන්නට සිදුවීම ගැන මට සිහිවිය. ඒ වගේම මේ රැකියාව පැයකට ඩොලර් නවයකට වඩා ගෙවන්නක් විය.

මා පුටුවේ කෙළින් වී හිද ගත්තේය. ” හොදයි, මම ඉක්මණින් ඉගෙන ගන්න කෙනෙක්. මට කවදාකවත් අසනීපයක් සැදී නැහැ. ඒ වගේම මම ඉන්නෙත් මාලිගයෙන් එහා පැත්තේ. ඒ වගේම පෙණුමට වඩා මා ශක්තිවන්තයි…. ඇත්තෙන්ම ඔබේ ස්වාමි පුරුෂයාව එහා මෙහා ගෙන යාමට මට ශක්තිය තිබෙනවා.”

” මගේ ස්වාමි පුරුෂයා? මගේ ස්වාමි පුරුෂයා සමග නොවෙයි ඔබට වැඩ කිරීමට තිබෙන්නේ, ඒ මගේ පුතා.”

” ඔබේ පුතා.” මගේ දෑස් විශාල විය. ” ම්හ්හ්… මම මහන්සි වී වැඩ කිරීමට කැමතියි. මට ඕනෑම වර්ගයක පුද්ගලයෙකු සමග වැඩ කළ හැකියි. ඒ වගේම මට රසවත් ලෙස තේ සැදීය හැකියි.” මම අඥාන ලෙස නිශ්ශබ්දතාවය හා කතා කළේය. මට හැගී ගියේ ඇයගේ පුතණුවන් විසින් මා විසිකර දමනු ඇතැයි කියාය. ” මම අදහස් කළේ, මගේ පියා සිතා සිටින්නේ එය ඒ තරම් හොද නිර්දේශයක් නොවන බවයි. නමුත් මගේ අත්දැකීමට අනුව විශිෂ්ඨ තේ කෝප්පයකින් යතාතත්වයට පත් කළ නොහැකි දේ ඉතා අල්පයි.”

ට්‍රයිනොර් මහත්මිය මා දෙස බැලු අකාරයේ යම්කිසි අමුත්තක් විය.

” සමාවෙන්න.” මා පැවසීය. කිව යුත්තේ කුමක්දැයි පසක් වූ මා යළි කතා කළේය. ” මම කියන්නේ නැහැ ඔබේ පුතාගේ…. රෝගය… එම රෝගය…. තේ කෝප්පයකින් සුව වෙවී යැයි කියා.”

” මම ඔබට පැවසිය යුතුයි ක්ලාක් මෙනවිය, මෙය ස්ථිර ගිවිසුමක් නොවෙයි. උපරිම එය මාස හයක කාලයක් වේවි. එම නිසා තමයි වැටුප්… පැය ගණනට ගෙවීම් කරන්නේ. අපට අවශ්‍ය නිසි පුද්ගලයෙකු මේ සදහා යොමු කිරීම.”

‘ මාව විශ්වාස කරන්න, කුකුළු මස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක වැඩ මුරය කිරීමෙන් හා මාස හයක් ආකර්ෂණිය පෙණුමට හිදිමින් භාණ්ඩ විකිණීමට සිදු වීම…’ ‘ඔහ්හ්… කට වහගන්න ලුසීයා..’ මා මගේ තොල් සපා ගත්තේය.

නමුත් ට්‍රයිනොර් මෙනවිය අවධානයක් නොදැක්විය. ඇය අතෙහි වූ ලිපිගොණු වසා දැමුවේය.
” මගේ පුතා විල්, මීට වසර දෙකකට පෙර රිය අනතුරකට මුහුණ පැවා. ඔහුට පැය විසි හතර පුරාවටම සත්තුව අවශ්‍යයි. ඒ සදහා පුහුණු හෙදියක් අප සතුයි. මට හදිසියේම වෙනත් වැඩකට යෑමට සිදුව තිබෙනවා. එම නිසා සත්තු සේවිකාවක් අවශ්‍යයි දිනය පුරාවට ඔහු සමග කාළය ගත කිරීමටත් කෑමට බීමට ඔහුට උදවු කිරීමටත්. සැබවින්ම සත්තු සේවිකාව ඔහුට අතිරේක අත් දෙකක් වීය යුතුයි. ඒ වගේම ඔහුට අනතුරක් නොවීමට වග බලා ගත යුතුයි.”

ට්‍රයිනොර් මහත්මිය බීම බැලීය. ” වැදගත්ම කාරණය විල්ට ඔහුගේ වගකීම ගත හැකි කෙනෙක් මෙහි සිටීමයි.”

ඇය අවධාරණයෙන් පැවසු දේ වලින් අතීතයේ මා කළ මෝඩ ක්‍රියා වලට පහර ගැසීය.

” මට එය තේරුම් ගැනීමට පුළුවන්.” මා මගේ බැගය අතට ගත්තේය.

” එහෙනම් ඔබ මේ රැකියාවට කැමතිද? ”

මා කිසිලෙසකින් වත් එය බලාපොරොත්තු නොවීය. මා සිතුවේ ඇය පැවසු දෙය මට වැරදියට ඇසෙන්නට ඇති බවයි.

” සමාවෙන්න, කුමක්ද ?”

” ඔබ ඉක්මණින්ම සේවයට පැමිණෙනවා නම් අප කැමතියි. වැටුප් සතියකට වරක් ගෙවීමට අප කටයුතු කරන්නම්.”

කීමට යමක් මට සිතා ගත නොහැකි විය. ” ඔබ වෙනකෙකු වෙනුවට මා බදවා….” මා කීමට උත්සහ කළේය.

” පැය ගණන මදක් වැඩි විය හැකියි. උදැසන අටේ සිට සවස පහ දක්වා. සමහර විට ඊට වඩා සවස් විය හැක. ඇත්තෙන්ම ඔබට දිවා ආහාරය සදහා විවේක කාලයක් නැහැ. නමුත් ඔහුගේ හෙදිය නාතන් දිවා ආහාර වෙලාවට ඔහුට සාත්තු කිරීමට පැමිණෙයි. ඒ පැය එකහමාරක කාලය ඔබට විවේකිව ගත කළ හැකියි.”

” වෙනත් කිසිවක් අවශ්‍ය නැතිද… ඖෂධ ?”

” විල්ට අවශ්‍ය සැම වෛද්‍ය සත්කාරයක්ම තිබෙනවා. අපට අවශ්‍ය ඔහු වෙනුවෙන් ශක්තිමත් හා
ප්‍රීතිමත් කෙනෙක්. ඔහුගේ ජීවිතය… දුෂ්කරයි, ඒ වගේම ඔහු ධෛර්ය්‍යවන්ත විය යුතු…” ඇගේ හඩ බිදිණි. ඇය ප්‍රංශ ජනෙල වලට එපිටින් එළිමහනේ වූ දෙයක් නිර්ක්ෂණය කළේය. අවසානයේ ඇය මා වෙත හැරිණි.

” හොදයි, අපි මෙහෙම කියමු. ඔහුගේ මානසික සෞඛ්‍ය අපට වැදගත් ඔහුගේ කායික සෞඛ්‍ය මෙන්ම. ඔබට එය වැටහෙනවාද? ”

” ඔව්, මා එසේ සිතනවා. මම… නිල ඇදුමක් ඇදිය යුතුද? ”

” නැහැ. කිසිසේත්ම නිල ඇදුමක් නම් එපා.” යැයි පැවසු ඇය මගේ දෙපා දෙස බැලිය. ” ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් අදින්න, කුමක් හෝ දෙයක් වැඩියෙන් නොපෙනෙන පරිදි.”

මම වහාම මා කබාය ගැට ගැසූ තැන බැලීය. එය මගේ කලවා ප්‍රදේශය නිර්වස්ත්‍රව පෙනෙන ලෙසට නිර්ලෝභීව ඉරි තිබිණි.

” එක… මට සමාවෙන්න. එය ඉරිලා. ඇත්තෙන්ම එය මගේ නොවෙයි.”

නමුත් ට්‍රයිනොර් මහත්මිය ඒ සදහා ඇහුම්කන් දෙන ලෙසක් නොපෙනිණි. ” ඔබට කිරීමට අවශ්‍ය දේවල් මම ඔබට වැඩ පටන්ගත් විට පෙන්වා දෙන්නම්. විල් ආශ්‍රය කිරීම ලෙහෙසි පුද්ගලයෙකු නොවෙයි ක්ලාක් මෙනවිය. මේ රැකියාව ඔබේ මානසික හැසිරීම වඩා උපයෝගී කරගැනීමට වෙන තැනක් ඔබට කුමණ ආකාරයක වෘත්තීය හැකියාවන් තිබුණත්.එසේ නම් අප හෙට මුණගැසෙමු.”

” හෙට? ඔබට අවශ්‍ය නැද්ද… ඔබට අවශ්‍ය නැද්ද මා ඔහු හමුවීමට?”

” අද විල්ට හොද දවසක් නොවෙයි. මා සිතන්නේ හොදම දේ අප මෙය නැවුම් ලෙස ආරම්භ කිරීමයි.”

ට්‍රයිනොර් මහත්මිය මා පිටව යන තෙක් රැදී සිටින බව හැගී ගියෙන් මා නැගී සිටියේය.

” ඔව් ” මා පැවසීය. මවගේ කබාය මා ඇග වැසෙන සේ දමා ගත්තේය. ” ස්තුතියි. හෙට උදැසන නැවත මුණගැසෙමු.”

______________________________________________

* වේගාස් – ඇමරිකාවේ ලාස් වේගාස් ප්‍රාන්තය

7වන පරිච්ජේදය.

මගේ මව පියාගේ පිරිසියට හැන්දකින් අල බෙදමින් සිටියේය. ඇය ඔහුට අල ගෙඩි දෙකක් බෙදණු මා දුටුවේය. ඔහු අත දමා කෑම බෙදන පිරිසියෙන් අල ගෙඩි හතරක් ගත්තේය. මව ඔහුව වලකා නැවත ඒවා කෑම බෙදන පිරිසියට දමා ගත්තේය. අවසානයේ ඔහු නැවත ඒවා ගැනීමට උත්සහ කළ විට මව ඔහුට හැදී මිටෙන් සියුම් පහරක් ගසණු මා දුටුවේය. මගේ දෙමවුපියන්, සීයා , මගේ සහෝදරිය හා ටොම් මෙන්ම පැට්රික් ද කුඩා මේසය වටා හිද සිටියේය. පැට්රික් සැම බදාදා දිනකම රාත්‍රී අහාරය සදහා අප නිවසට පැමිණෙන්ය.

” තාත්තේ…” මගේ මව සීයා ඇමතීය. ” ඔබේ මස් කැල්ල කපා දෙන්නද? ට්‍රිනා ඔබට පුලුවන්ද සීයාගේ පිරිසියට මෙය කපා දමන්න? ”

ට්‍රිනා මේසය මත ඇලවී අනෙක් පස වූ සීයාගේ පිරිසියේ මස් ඉතා දක්ෂ ලෙස කැපීමට පටන් ගත්තේය. ඇයට අනෙක් පසින් සිටි තොමස්ගේ මස් පංගුවද ඇය ඒ වන විටත් ඔහුට කපා දි තිබිණි.

” ඉතින් මේ මනුස්සයා මොන වගේ පැටලිල්ලකද සිටින්නේ ලූ ?”

” මහා පැටලවිල්ලක් විය නොහැකියි. නැතිනම් අපේ දුවට ඔහුව බලාගැනීමට දේවිද…” බර්නාර්ඩ්
ප්‍රකාශ කළේය. මට පිටුපසින් වූ රුපවාහිනිය දල්වා තිබිණි. එවිට පැට්රික් හා මගේ පියාට පාපන්දු තරග නැරබිය හැකිය. ඔවුන් මට උසුළු විසුළු කරමින් මදකට පමණක් හෝ කට වසා ගන්නේ කවුරුන් හෝ ගෝලයක් ගැසුවොත් හෝ කිසිවෙකුට ගෝලයක් මග හැරුනොත් පමණි.

” මා සිතන්නේ මෙය වටිනා අවස්තාවක්. ඇය මේ පළාතේ තිබෙන විශාලම නිවසේ සේවය කරන්නේ. හොද පවුලකට. ඔවුන් ලස්සනද කෙල්ලේ?”

” මම එසේ සිතනවා.”

” මා විශ්වාස කරනවා ඔබ දණහිස හා හිස නමා ආචාර කිරීම පුරුදු වී ඇතැයි කියා.” යැයි පැවසු පියා මා දෙස බලා දත් නියවිය.

” ඔබට ඇත්තෙන්ම ඔහුව මුණ ගැසුණාද?” ඇසු ට්‍රිනා තෝමස් අතින් වැටීමට ගිය බීම වීදුරුව වැළකිය. ” අංගවිකල මිනිසා, ඔහු මොන වගේද? ”

” මට ඔහුව මුණ ගැසෙන්නේ හෙට.”

” එය හරිම භයංකරයි. ඔබට ඔහු සමග මුළු දවසම සැම දිනකම ගෙවීමට සිදු වෙනවා. පැය නවයක්, ඔබ පැට්රික්ටත් වඩා ඔහුව දකිවී.”

” එය නම් අමාරු කාර්යක් නොවෙයි.” මා පැවසීය.

පැට්රික් මේසය පසු කර ගියේ ඔහුට මා කියූ දෙය නෑසුන බව පෙන්වමිණි.

” ගැටළුවක් නැහැ. ඔබට ලිංගික හිරිහැර වේවි යැයි බිය වෙන්නද.. ආහ්හ්…” මගේ පියා පැවසීය.

” බර්නාර්ඩ්…” මව ඔහුට කෑගැසීය.

” මා පැවසුවේ හැමෝම හිතන දේය. ඔබේ පෙම්වතිය වෙනුවෙන් හොයාගන්න පුළුවන් හොදම වර්ගයේ හම්පුතෙක් ඔහු.. එසේ නොවේද පැට්රික් ? ”

පැට්රික් සිනාසුණේය. මාර්තු මාසයේ පැවැත්වෙන මැරතන් තරගයක් සදහා ඔහු කාබෝහයිඩ්‍රේට රහිත අහාර රටාවකට හුරුවෙමින් සිටින නිසා ඔහු මව විසින් පිළිගන්වන අල ප්‍රතික්ෂේප කරමින් සිටියේය.

” ඔබ දන්නවාද, මා සිතන්නේ ඔබ ගොළු භාෂාව පුරුදු විය යුතුයි. මම කියන්නේ ඔහුට අදහස් ප්‍රකාශ කළ නොහැකි නම්, ඔබ කොහොමද ඔහුට අවශ්‍ය දේ දැනගන්නේ.”

” ඇය ඔහුට කතා කිරීමට නොහැකි යැයි පැවසුවේ නැහැ අම්මා.” ඇත්තෙන්ම ට්‍රයිනොර් මහත්මිය පැවසු බොහෝ දේවල් මට මතක නැති විය. මා රැකියාව ලද අවස්ථාවේ සිට තවමත් තැතිගැන්මෙන් යුක්ත විය.

” සමහර විට ඔහු කතා කරනවා ඇත්තේ උපකරණයක් හරහා විය හැකියි. හරියට අර විද්‍යාඥයා වගේ. නැතිනම් ද සිම්ප්සන්* හි සිටින කෙනා මෙන්.

” මගෝඩියා ” තෝමස් පැවසීය.

” නැහැ.” බර්නාර්ඩ් පැවසීය.

” ස්ටීවන් හෝකින්.*1″ පැට්රික් පැවසීය.

” ඔබ හරි, අන්න ඔහු තමයි…” තෝමස් දෙස බලා පියාට චෝදනාත්මක මුඛයෙන් මව පැවසීය.
ඇගේ එම බැල්ම මාළු කුට්ටියක් කැපී යන තරම් තියුණු විය. ” ඔහුට නරක වචන උගන්වනවා.” ඇය පැවසීය.

” මම ඉගැන්නුවේ නැහැ. මා දන්නේ නැ ඔහු කොහෙන් ඒවා අහුල ගෙනද කියා.”

” මගෝඩියා.” යැයි තෝමස් සීයා දෙස බලා නැවත පැවසීය.

එක විටම ට්‍රිනා අමුතු මුහුණක් මවා ගත්තේය. ” ඔහු ශබ්ද යන්ත්‍රයක හඩින් කතා කරයි නම් එය ඉතාම භයානක වේවි. එය ඔබට සිතා ගැනීමට පුලුවන්ද? මට… වතුර… වීදුරුවක්…. ගෙන්න…” ඇය එලෙස රගපාමින් ඔච්චම් කිරීමට පටන් ගත්තේය.

දක්ෂයි. නමුත් වැදගැම්මකට නැති දේ වෙනුවෙන් මහන්සි නොවීමට තරම් බුද්ධිමත් බවක් ඇයට නොවීය. ඇය අපගේ පවුලේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ පළමුවැනියා විය. අවසානයේ තොමස්ගේ පැමිණීම නිසා අවසාන වසරට පෙර ඇයට ඉවත් වීමට සිදු විය. නමුත් තවමත් දෙමවුපියන් ඇය පවුලට වාසනාව කැන්දන බව විශ්වාස කරයි. එහෙමත් නැති නම් ඇය පිළිගැනීමේ නිලධාරිණියක් සහිත කාර්යාලයක සේවය කරණු ඇතැයි ඔවුන් විශ්වාස කරයි.

” රෝද පුටුවක සිටීන පමණින් ඔහු රොබෝ කෙනෙකු මෙන් කතා කරන බව කියැවෙන්නේ කෙසේද? ” මා ඇසීය.

” නමුත් ඔබට සැම විටම ඔහු ළගින් සිටීමට සිදු වේවි. ඔහුගේ කෙළ වැගිරෙන මුව පිස දමන්නට හා ඔහුට බීමට අවශ්‍ය දේවල් දීමට සිදු වේවි. ”

” ඉතින් මොකද? එය රොකට් විද්‍යාව තරම් අසීරු දෙයක් නොවෙයි.”

” සිනහාවට කාරණය එය පවසන්නේ තොමස්ගේ නැපිය*2 අතුල් පැත්ත පිට පැත්ත මාරු කර ඇන්දු
පුද්ගලයා.”

” ඒ එක සැරයක් පමණයි.”

” දෙසැරයක්, ඔබ ඔහුගේ නැපිය මාරු කර තිබෙන්නේ තුන් සැරයක් පමණයි.

මා පිරිසියට බෝංචි බෙදා ගත්තේය. පෙනෙනවාට වඩා ධෛර්යමත් ලෙස සිටීමට මා උත්සහ කළේය.
නමුත් නැවත නිවසට පැමිණෙන ගමනේ පටන් මගේ හිස ඔහු ගැන සිතුවිළි වලින් පිරි තිබිණි. කුමක් පිළිබදව ද අප කතා කරන්නේ? ඔහු මා දෙසට විසි බඩු විසි කරමින් මුළු දිනය පුරාවටම ඔලුව වනමින් සිටියොත් කුමක් සිදුවේවිද? මා බිය පත් වී කෑගසාවිද? ඔහුට අවශ්‍ය දේ කුමක් දැයි මට නොතේරුනොත් කුමක් සිදු වෙයිද? මා අසාර්ථක සත්තු කරන්නියක් විය.කුඩා කෘමින් හා රැන්ඩොල්ෆ් නම් ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යා හැර අප නිවසේ වෙනත් ගෙවතු වගාවක් හෝ සුරතලෙකු නොවිය. ඔහුගේ දරදඩු මව කොතරම් වෙලාවක් ඔහු වටා කැරකෙවිද ? මා කිසිවෙකු හෝ විසින් දිනය පුරාවට මා දෙස ඇහැ ගහගෙන සිටිනු දැකීමට අකමැති විය. ට්‍රයිනොර් මහත්මිය බැල්මෙන් සියලු දේ නිරීක්ෂණය කළ හැකි ගැහැනියක් විය.

” පැට්රික්, ඔබ කුමක්ද ඒ පිළිබදව සිතන්නේ?”

දිගු වතුර උගුරක් බී ඔහු උරහිස් සෙලවුයේය. එළියේ දැඩි වර්ෂාව කවුළු පියන්වල වදින්නට වීය. එය පිගන් හා හැදී ගැරප්පු ශබ්ධය පරදා ඇසෙන්නට විය.

” මොනවා නමුත් එය කුකුල් මස් කර්මාන්තශාලාවේ සේවය කරනවාට වැඩි වැටුපක් බර්නාර්ඩ්.”

ඒ පිළිබද තර්ක හා කුටුකුටු ගෑම් මේසය වටා විය.

” හොදයි, මගේ අලුත් රැකියාව ගැන හැමෝටම කියන්න පුළුවන් දේ තමයි එය මගේ කුකුළු කර්මාන්තශාලාවේ රැකියාවට වඩා යහපත් එකක් බව.”

” හොදයි, ඔබට පුළුවන් ඒ ගමන්ම පැට්රික් සමග පුහුණු වීමට යන්න නැවත ශරීරය හැඩ කරගැනීමට.”

” හැඩට සිටීමට, නැහැ ස්තුතියි තාත්තේ.” තවත් අල ගෙඩියක් බෙදා ගැනීමට මා සතු වූ අදහස මා අත්හැර දැමිය.

” ඇයි නැත්තේ ? ” හිද ගැනීමට තැත් කරමින් මව පැවසිය. ඇය නැගී සිටිම්න් සැම දෙනෙකුටම ව්‍යංජන පිරිසි මාරු කරමින් සිටියේය. නැවතත් නැගී සිටි ඈ සීයාට ව්‍යංජන බෙදීය. ” එය ඔබට අනාගතයට වටිනාකමක් දෙවි. නිසැකයෙන්ම ඔබට දෙඩවීමට හැකියාව උපතින්ම ලැබී තිබෙනවා.”

” ඇයට උපතින්ම මහත ලැබී තිබෙනවා.”යැයි පැවසු පියා නාසයෙන් හුස්ම පිට කළේය.

” කරුණාකර ඔය ඇති. දැන් මගේ රැකියාව ලැබුණා පමණයි. ඊටත් වඩා එය පෙර රැකියාවට වඩා ගෙවීම් කරන එකක්.” මා පැවසිය.

” නමුත් එය තාවකාලිකයි.” පැට්රික් මැදිහත් විය. “ඔබේ පියා නිවැරදියි, ඔබ ඒ අතර තුර ඇග හැඩ කරගත යුතුයි. කුඩා කැපකිරීමක් කළ හැකි නම් ඔබට විශිෂ්ඨ පුද්ගලික පුහුණුකරන්නෙක් විය හැකියි.

” මට පුහුණුකරුවෙක් වීමට අවශ්‍ය නැහැ. මට… අලංකාර ලෙස පෙනීමට… අවශ්‍ය නැහැ….” මා දෙස බලා විරිත්තමින් සිටි පැට්රික් දෙසට හරි මා කෑගැසීය.

” ලූට අවශ්‍ය කර තිබෙන්නේ මුළු දවසම රෝදපුටුවක සිටින වැඩකට නැති මහළු මිනිසෙකු පසුපස යමින් ඔහුගේ කැත කුණු අතගෑමට.” ට්‍රිනා පැවසීය.

” ඔව්, මොකද දුර්වල ඩිෂියස්*3 ලස්සන මල් බාස්කට් එකක් වෙන්න ගොඩක් වතුර වගේම කායික මානසික සත්කාර අවශ්‍යයි. නැද්ද ට්‍රිනා?”

” අප ඔබව පිරික්සුවා පමණයි කෙල්ලේ.” යැයි පැවසු පියා ඔහුගේ තේ කෝප්පය ඉහළට එසවිය. “ඔබ රැකියාවක් ලබා ගත් එක විශිෂ්ඨයි වගේම මා ඔබ ගැන ආඩම්බර වෙනවා. ඒ වගේම මට ඕනෑම ඔට්ටුවක් ඇල්ලිය හැකියි ඔබ එක් වතාවක් ඒ නිවසට පය තැබුවාට පසුව ඒ මගෝඩියෝන්ට ඔබෙන් තොරව සිටීමට නොහැකි වෙනවා නියතයි.”

” මගෝඩියෝ.” තෝමස් පැවසිය.

” මම නම් එසේ පැවසුවේ නැ.” මව යමක් පැවසීමට පෙර පියා කෑගැසිය.

__________________________

* ද සිම්ප්සන් – The Simpsons ඇමරිකා එක්සත් ජනපදයේ කාර්ටුන් කතා මාලාවක්.
*1 ස්ටීවන් හෝකින් – Stephen Hawking ලෝ සුපතල එංගලන්ත ජාතික අබාධිත විද්‍යාඥයා.
*2 නැපිය – ඉණකඩ
*3 ඩිෂියස් – මල් වර්ගයක්

8වන පරිච්ජේදය

මෙය උපගෘහයක්. එය භාවිතා කළේ ඉස්තාලය ලෙසයි. නමුත් අපට හැගුණ පරිදි එය විල්ට එකම තැන සිටිනවාට සෑම දෙයකින්ම සමන්විත මේ ස්ථානය වඩා සුදුසු විය. එහි වූ අතිරේක කාමරයේ
අවශ්‍යතාවයක් ඇති වුවහොත් නාතන්ට නැවතීමට හැකිය. ට්‍රයිනොර් මහත්මිය දොරවල් පසු කරමින් කොරිඩෝව දිගේ කඩිසරව ගමන් කළේය. ඇගේ උස් පාවහන් ඔප දැමු ගල් පොළවේ තදින් ගැටෙන්නට විය.

” මෝටර් රථයේ යතුරු මෙතැන. මම ඔබව අපගේ රක්‍ෂණයට දමන්නම්. මා විශ්වාස කරනවා ඔබ ඒ පිළිබදව මට දුන් තොරතුරු නිවැරදි කියා. නාතන් ඔබට කියා දේවී මෙය සිදු වන ආකාරය. ඔබ කළ යුත්තේ විල්ව නිසියාකාරව හිද වීම පමණයි. ඉතිරි කොටස වාහනය බලා ගනීවී. කොහොම නමුත්…. මේ අවස්ථාවේ ඔහු කොහෙවත් යෑමට සුදුසු මානසිකත්වයක නැහැ.”

” එළිය මදක් සීතයි…” මා පැවසීය. නමුත් ට්‍රයිනොර් මහත්මියට මා පැවසු දෙය ඇසුණු බවක් පෙනෙන්නට නොවීය.

” ඔබට තේ හෝ කොපි අවශ්‍ය නම් මුළුතැන්ගෙට ගොස් සදා ගත හැකියි. මම අවශ්‍ය දේවල් ගෙනත් තිබෙන්නේ. මෙතනින් ඔබට නාන කාමරයට යන්න පුළුවන්.” යැයි පවසමින් ඇය විවෘත කළ දොරෙන් මා එබී බැලීය. සුදු පැහැති වානේ හා ප්ලාස්ටික් වලින් නිපදවා ඇති නාන කාමරය තුළ විවෘත තෙත කොටසක් නාන මල යටින් විය. අකුළන ලද රෝද පුටුවක් ඒ අසළින් තබා තිබිණි. එහි කොණක වූ විදුරු කබඩය විවිධ වර්ගයේ බෝතල් වලින් පිරි තිබිණි. ඒවා කුමක් සදහා එහි තබා තිබේදැයි මට සිතා ගැනීමට නොහැකි විය. නමුත් එවායින් විෂබීජනාශක ද්‍රවයක සුවද වහනය විය.

දොර වසා දැමු ට්‍රයිනොර් මහත්මිය මා දෙස බැලීය. ” මා නැවත කිව යුතුයි, විල් සමග කිසිවෙකු සැමවිටම සිටීම ඉතාම වැදගත්. පෙර සිටි සත්තු සේවිකාව ඇගේ මෝටර් රථය අලුත් වැඩියාවට යැයි පවසා නිවසින් පිටව ගොස් පැය ගණන් අතුරුදහන් වෙනවා. වරක් විල්…. ඇය නොපැමිණි නිසා තමන්වම තුවාල කරගත්තා. ” ඇය කියන්නට ගිය දෙය ගිලගනිමින් පැවසුවේ ඒ මතකයෙන් ඇය තවමත් කැලබිමට පත්වන බව පෙන්වමිණි.

” මම කොහෙවත් යන්නේ නැහැ.”

” අනිවාර්යෙන්ම ඔබට නිස්කලංකයේ සිටීමට විවේකයක් අවශ්‍ය වේවි, මට කීමට අවශ්‍ය ඔහුව වැඩි කාලයක් තනි කළ නොහැකි බව පමණයි, විනාඩි දහයක් හෝ පහළොවකට වඩා බැහැ. නොවැලක්විය හැකි හේතුවක් නොවේ නම් මමත් මගේ ස්වාමිපුරුෂයා ස්ටීවනුත් නිතරම නිවසේ සිටිනවා. එසේ නැති නම් ඔබට මගේ ජංගම දුරකථනයට ඇමතුමක් දිය හැකියි. ඔබට නිවාඩුවක් අවශ්‍ය නම් එය අපට කලින් දැනුම් දීමට හැකි නම් ඉතා අගෙයි. අපට ඒ වෙනුවෙන් කෙනෙක් සොයා ගැනීම අපහසුයි, එම නිසා ඒ වෙනුවෙන් කලින්දැනුම් දීම අවශ්‍යයි. ” යැයි ට්‍රයිනොර් මහත්මිය පැවසුවේ එය මින් පෙර කිහිප විටක් පවසා හොදින් පුහුණු වූ අයෙකු ලෙසිනි.

මට පෙර මෙහි සාත්තු සේවිකාවන් කීයක් සිටින්නට ඇත් දැයි මට සිතිණි.

” විල් කිසිම ප්‍රශ්ණයක් නැතුව සන්සුන්ව සිටිනවා නම් ඔබට පුළුවන් නිවසේ අනෙකුත් වැඩ වලට උදවු වෙන්න. ඇද රෙදි සේදීම, බීම දුහුවිලි වැකුම් කිරීම වැනි දේවල් ඔබට කල හැකියි. පිරිසිදු කිරීමේ උපකරණ අත සෝදන බේසම යට ඇති. සෑමවීමට ඔබ ඔහු අසල සිටිනවාට ඔහු අකමැති විය හැකියි. ඒ නිසා ඔබ දෙදෙනා අතර අන්‍යෝන්‍ය සම්භාන්ධතාවය ඇති කරගත යුතුයි.”

පළමු වතාවට ට්‍රයිනොර් මහත්මිය මා හැද සිටි ඇදුම් දෙස බැලීය. මා ඇද සිටියේ ලෝම පිරි කබායකි. එය හැද සිටින විට මා පැස්බරෙකු මෙන් දිස්වන බව මගේ පියා පවසයි. මා සිනාසීමට උත්සහ කළෙමි.

” නිසැකවම මා විශ්වාස කරනවා ඔබට…. ඔබ දෙදෙනා අතර සම්භන්ධයක් ගොඩනගා ගත හැකි බව. ඔහුට ඔබ වැටුප් ලබන සේවිකාවක් ලෙස නොව ඔහුගේ මිතුරියක් ලෙස හැගෙනවා නම් වඩා හොදයි.”

” හොදයි, ඔහු… ම්ම්ම්… මොනවද කරන්න කැමති…”

” ඔහු චිත්‍රපට නරඔනවා. තවත් සමහර වෙලාවට ඔහු රේඩියෝවට සවන් දෙනවා, එසේත් නැති නම් සංගීතය ශ්‍රවණය කරනවා. ඔහු සතුව අර… විද්‍යුත් උපකරණය තිබෙනවා. ඔබට ඔහුගේ දෑත් ඒ මත තැබිය හැකි නම් ඔහුට එය හැසිරවිය හැකියි. ඔහුගේ ඇගිළි යම් ප්‍රමාණයකට සෙළවිය හැකි නමුත් ඔහුට දෙයක් දැඩිව අල්ලා ගැනීමට නොහැකියි.”

මට දීප්තිමත් හැගීමක් ඇති විය. ඔහු චිත්‍රපට හා සංගීතයට ප්‍රිය කරන්නෙක් නම් සැබවින්ම අපට කතා කිරීමට පොදු මාතෘකාවක් සොයාගත හැකිය. මා හට මේ මිනිසා පිළිබද ක්ෂණික සිතුවිල්ලක් මතු විය. ඔහු විහිළු හොලිවුඩ් සිනමාපටයක් නරඔමින් සිනාහා වන අයුරු මා දුටුවේය. ඔහු සංගීතයට සවන්දෙන අතර මා කාමරය වටා උඩ පනිමින් නටන ආකාරය මා දුටුවේය. සමහරවිට මෙය හොදින් සිදු වේවි. සමහරවිට අවසානයේ අප මිතුරන් වනු ඇත. ට්‍රිනාගේ මිතුරෙකු වූ ගොළු ඩේවිඩ් හැර ආබාධිත පුද්ගලයෙකු සමග මා මින් පෙර මිතුරු වී නැත.

” ඔබට වෙන දැන ගැනීමට අවශ්‍ය දෙයක් තිබෙනවාද?”

” නැහැ.”

” එහෙනම් යමු ඔහුට ඔබව හදුන්වා දෙන්න.” යැයි පැවසු ඇය සිය අත් ඔරලෝසුව දෙස බැලීය. ” නාතන් ඔහුට ඇදුම් අන්දවා ඉවර ඇති දැන්.”

අප දොර අසලට ගොස් සිටි අතර ට්‍රයිනොර් මහත්මිය දොරට තට්ටු කරන්නට විය. ” ඔබ ඉන්නවාද? මා සමග ක්ලාක් මෙනවිය සිටිනවා ඔබට මුණගැස්සවීමට. විල් ? ” ඇතුළෙන් කිසිදු පිළිතුරක් නොවිය.

” විල් ? නාතන් ? ”

” ඔබට එන්න පුළුවන් දැන්…” විදේශීය උච්චාරණය සහිත හඩක් ඇතුළතින් ඇසුණේය.

ට්‍රයිනොර් මහත්මිය දොර තල්ලු කර ඇරියේය. උපගෘහයේ විසිත්ත කාමරය ඉතා විශාල විය. එහි එක් පසෙකින් වූ විශාල විදුරු දොරටු එපිටින් වූ ගම්මානය දෙසට විවෘතව තිබිණි. එක් පසෙක වූ ගිණි උදුන සෞම්‍ය ලෙස දැල්වෙමින් පැවතිණි. එමෙන්ම සිනිදු ලොමයෙන් සාදන ලද ලා දුඹුරු පැහැති සෝෆාවක් විශාල පැතලි තිරයක් සහිත රුපවාහිනියකට මුහුණලා තබා තිබිණි. කාමරය ඉතා
ප්‍රියමනාප සිත්ගන්නා සුළු ස්ථානයක් විය.එය සැකෙවින්ම ස්කැන්ඩිනේවියානු ජාතික තනිකඩයෙකුගේ පාරාදීසයක් විය.

කාමරය මැද කලු පැහැති රෝද පුටුවක් විය. එහි හිදගන්නා කොටස බැටළු හමින් නිමවා තිබිණි. සුදු
පැහැති ඇදුමකින් සැරසී සිටි හැඩිදැඩි මිනිසෙකු විසින් බිමට නැවි රෝද පුටුවේ සිටි මිනිසාගේ දෙපා එහි වූ දෙපා රදවනය මත තබමින් සිටියේය. අප කාමරයට ඇතුල් වන විට රෝද පුටුවේ සිටි මිනිසා හිස ඔසවා ඔහුගේ ඇවිස්සුණු නොකපන ලද කොණ්ඩය යටින් අප බැලීය. අපගේ දෑස් මුණ ගැසිණි. ඉන්පසු මිනිත්තු කිහිපයක විරාමයක් විය. එක් විටම ඔහු බියෙන් මුසපත් වන හඩකින් ගොරවන්නට විය. ඔහුගේ මුව ඇඔරිණි, ඉන්පසු ඔහු අද්භූත ශබ්ධයකින් හඩන්නට පටන් ගත්තේය.

ඔහුගේ මව දැඩි වන අයුරු මට දැනිණි.

” විල්, නවත්වන්න.”

ඔහු ඇය දෙස එකදු වරක්වත් නොබැලීය. නැවතත් ඔහුගේ පපුව දෙසින් අද්භූත ශබ්ධයක් මතු වන්නට විය. එය ඉතාමත් දරුණු විය. ඒ හඩ බලවත් වේදනා ගෙනදෙන්නක් විය. මා කිසිදු පැකිලීමක් නොපෙන්වා සිටීමට උත්සහ කළේය. ඒ මිනිසාගේ මුහුණ විකෘති වී තිබිණි. මා දෙසට හැරී තිබුණු ඔහුගේ ඔලුව උරහිස් තුළ ගිලා බැස තිබිණි. ඔහු අස්වාභාවික ලෙස කෝපයට පත්ව සිටියේය. මගේ දණහිස් වෙවුලන්නට විය. ඒ අතරේ මා ගමන් මල්ල කොහේ තැබුවේදැයි සිතුවේ කොයි මොහොතේ හෝ සිදුවිය හැකි අකරතැබ්බයක් ඉව වැටීමෙනි.

” අනේ විල්….” සිහිමුර්ජා වීමට ආසන්න වූ ඔහුගේ මව පැවසීය. ” කරුණාකර මෙසේ කරන්න එපා…”

අනේ දෙවියනේ, මා සිතා සිටියේ මෙයට මා සම්භන්ධ නැතැයි කියාය. නමුත් මේ මිනිසා ගිලීමට මෙන් මා දෙසම බලා සිටියි. එය හරියටම ඔහු මා යමක් කරන තුරු බලා සිටිනවා වැනියි.

” මම… මම ලූ…” සැලෙන හඩින් යුතුව මා පැවසීය. එහි වූ නිශ්ශබ්දතාවය බිදිණි. මා සිතුවේ ඔහු එහි වූ කුමක් හෝ අතට ගෙන පහර දෙවි යැයි කියා, නමුත් ඔහුට කිසිවක් ඇල්ලිය නොහැකි බව මට සිහි විය. ” ලුසීයා යන්න කෙටියෙන්.” මා නැවත අබලන් වූ හඩින් පැවසීය.

මා පුදුම කරවමින් ඔහු යතාතත්වයට පත් වන ලකුණු පෙන්වීය. එමෙන්ම ඔහුගේ උරහිස් හා ඔලුව සෘජු විය.

විල් ට්‍රයිනොර් මා දෙස ඉතා ඕනෑකමින් බලා සිටියේය. ඉන්පසු ඔහුගේ මුහුණ සිනහාවකින් ඔපවත් විය.
” සුභ උදැසනක්, ක්ලාක් මෙනවිය.” ඔහු කිවේය. ” මට අසන්නට ලැබුණා ඔබ මගේ අලුත් සේවිකාව බව.”

නාතන් ඔහුගේ දෙපා සැකසීම ඉවර කළේය. ” ඔබ නරක මිනිහෙක්, හරිම නරකයි ටි මහත්මයා…” ඔහු නැවත නැගී සිටින ගමන් පැවසීය. ඉන්පසු ඔහු යම්කිසි පුවරුවක් විල් අතට පත් කරේය. නාතන් මේ තරම් කළබලයකදී සන්සුන් ලෙස හැසිරෙන අකාරය මට පුදුමයක් විය. ” ඔබ දැන් දුටුවේ විල්ගේ හොදම ක්‍රිස්ටි බ්‍රවුන්* කොටස, මට විශ්වාසයි එය ඔබට හුරු වේවි. ඔහුගේ බිරීම සපා කනවාට වඩා භයානකයි. ”

ට්‍රයිනොර් මහත්මිය ඇගේ ගෙලෙහි වූ කුරුසය සුදුමැලි වූ දෑතින් අල්ලාගෙන සිටියේය. ඇය එය වූ රත්තරං මාලයේ පිටුපසට හා ඉදිරිපසට අදිමීන් සිටියේය. එය කළබල වූ විට ඇයට ඇති පුරුද්දක් විය. ඇගේ මුහුණ දැඩි විය. ” මම ඔබට අවස්තාව දී පිට වෙන්නම්, ඔබට උදවුවක් අවශ්‍ය නම් බිත්තියේ ඇති විද්යුත් පරිපථයෙන් ඇමතිය හැකියි. නාතන් ඔබට විල්ගේ කාලසටහන හා කිරීමට අවශ්‍ය දේ පවසාවී.”

” මම මෙහෙ අම්මේ, ඔබ මා වෙනුවට කතා කිරීම අවශ්‍ය නැහැ. මගේ මොළය තවම අඩපණ වී නැහැ.”

” ඔව්, හොදයි, ඔබ කළහා කිරීමට නම් හදන්නේ… වීල්, මම සිතන්නේ ක්ලාක් මෙනවිය නාතන්ගෙන් කරුණු කාරණා දැන ගැනීම වඩා යහපත් බවයි.” මා දුටු පරිදි ඔහුගේ මව කතා කරන විට ඔහු දෙස නොබලුවේය. ඇය පොළවේ සිට අඩි දහයකටත් වඩා දුර උඩ බලාගෙන සිටියේය. ” මම අද ගෙදර සිට වැඩ කරනවා, ඒ නිසා මම දහවල් කෑම වෙලාවට නැවත පැමිණෙන්නම් ක්ලාක් මෙනවිය. ”

” හොදයි.” මගේ හඩ තියුණු ලෙස පිට විය.

ට්‍රයිනොර් මහත්මිය පිටව ගියේය. ඇගේ අඩි ශබ්ධය පහළ ශාලාව විශාල නිවාස දක්වා නෑසී යන තෙක්ම අප නිශ්ශබ්දව සිටියෙමු. පසුව නාතන් නිශ්ශබ්දතාවය බින්දේය.

” මම ක්ලාක් මෙනවියට ඔබේ බෙහෙත් පිළිබද කියාදීමට ගියාට කමක් නැතිද විල්? ඔබට රුපවාහිනිය හෝ සංගීතය ඇසීමට අවශ්‍යද? ”

” කරුණාකර රේඩියෝවේ හතර වෙනි චැනලය දමන්න නාතන්.”

” අනිවාර්යෙන්ම…”

අප මුළුතැන්ගෙය දෙසට ඇවිද ගියේය.

” ටි මහත්මිය පැවසු පරිදි ඔබට මේ රෝගය ගැන වැඩි අත්දැකීම් නැහැ.”

“නැහැ.”

” හොදයි, මම එය අදට තරමක් ලෙහෙසි ලෙස කියන්නම්. මෙතන ලිපිගොණු කිහිපයක් තියෙනවා විල් ගැන ඔබ දැන ගත යුතු කරුණු හා ඔහුගේ දින චර්යාව පිළිබද. ඒ වගේම හදිසි අවස්තාවකදී ඇමතිය යුතු දුරකථන අංක සියල්ලක්ම මෙහි තිබෙනවා. ඔබට නිකරුණේ සිටීමට ලැබෙන කාලයේ ඒවා කියවන්න. අනිවාර්යෙන්ම.”

නාතන් ඔහුගේ ඉණ පටයේ ගැට ගසා තිබු යතුරක් ගෙන අගුලු ලා තිබු කබඩයක් ඇරියේය. එය කුඩා පෙට්ටි හා බෙහෙත් සහිත වූ ප්ලාස්ටික් බෝතල් වලින් පිරි තිබිණි.

” හොදයි, මෙතන ගොඩක් බෙහෙත් වර්ග තිබෙනවා. නමුත් ඔබ ඒ සියල්ලම දැන ගත යුතුයි හදිසි තත්වයක් ඇති වුවහොත් භාවිතා කිරීමට. බිත්තියේ කාලසටහනක් තිබෙනවා ඒ ඒ වෙලාවට ඔහුට කිරීමට අවශ්‍ය වැඩ පිලිබදව, ඊට අමතර දෙයක් ඔබ කරන්නේ නම් ඒ පිලිබදව මෙතැන සටහන් කල යුතුයි.” යැයි ඔහු බිත්තියේ වූ කාලසටහනේ හිස් වූ තිරයක් පෙන්වමින් පැවසීය. ” නමුත් මේ අවස්ථාවේදී නම් ඔබ ඒ දේවල් ටි මහත්මියගෙන් අසා කිරීම තමයි වඩා හොද වන්නේ.”

” මට තේරුණේ නැහැ. ඔබ කියන්නේ මම බෙහෙත් පිළිබද කටයුතු බාර ගත යුතු බවද?”

” එය අසීරු නැහැ. බොහෝ වෙලාවට ඔහු දන්නවා ඔහුට අවශ්‍ය දෙය. නමුත් ඔහුට උදවු අවශ්‍යයි ඒවා පහතට ගැනීමට.අප මෙතන තිබෙන බිකරය භාවිතා කරනවා, නැතිනම් ඔබට පුළුවන් ඒවා කුඩු කර පැනයකට දමා ඔහුට ලබා දෙන්න.”

මා එතැන තිබු එක් බෝතලයක් අතට ගත්තේය. ඇත්තෙන්ම මා මේ තරම් විශාල බෙහෙත්
ප්‍රමාණයක් ඖෂධ වෙළදසැලක හැර වෙනත් තැනක දැක නොතිබිණි.

_________________________________________________

* ක්‍රිස්ටි බ්‍රවුන් – අභාධිත පුද්ගලයෙකු වටා ගෙතුණු 1989 වසරේ තිරගත වූ නාට්‍යක ප්‍රධාන චරිතය.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>